Update – කඩුවෙලින් හමුවූ ව්‍යාජ ගිනිඅවි සිද්ධියට සැක කරන සුඛෝපභෝගී ජීප් රියක් ගැන තොරතුරක්

කඩුවෙල, කොරතොට, තුන්අඳහේන මාර්ගයේගසක් යට දමා ගොස් තිබූ පාර්සලයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි වලට සමාන ව්‍යාජ ගිනි ගිනි අවි තුනක් බ්‍රව්නින් පිස්තෝල වර්ගයේ ව්‍යාජ ගිනි අවි 05ක් සහ ටී 56 ගිනි අවිවලට යොදන සත්‍ය මැගසිනයක් උණ්ඩ නවයක්ද සමඟ අද (18) සොයා ගැනුණා.

ඒ, නවගමුව පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරකට අනුවයි.

මේ අතර ආදළ ගිනිඅවි රැගෙනවිත් දමා ගිය බවට සැක කරන ව්‍යාජ අංක යෙදූ සුඛෝපභෝගී ජීප් රථයක් පිළිබඳව අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

නවගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලයනල් රාජපක්ෂට අද (18) දින ලද තොරතුරක් මත අදාළ ගිනි අවි පාර්සලය තිබූ ස්ථානය පරීක්ෂා කර මෙම පාසලය ලබාගැනීමට කවුරුන් හෝ පැමිණිතැයි සිතා ඒ අවට සිවිල් පොලිස් නිලධාරින් ස්ථාන ගතකර තිබෙනවා.

කෙසේ වෙතත් දහවල් එක පමණ වන තෙක් ආවේෂණ රාජකාරිවල නිරත වුවද කිසිවෙකු එම පාර්සලය ලබා ගැනීමට පැමිණ තිබුණේ නැහැ.

ඒ, අනුව ඇඟිලි සලකුණු ඒකකයෙන් නිලධාරීන් සහ නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් එම ස්ථානයට කැඳවා පාර්සලය ලිහා බැලීමේදී එම ගිනි අවි ව්‍යාජ ඒවා බවත් මැගසිනය සහ උණ්ඩ පමණක් සත්‍ය ඒවා බවත් අනාවරණය කරගෙන තිබෙනවා.

අදාළ ව්‍යාජ ගිනි අවි මත ග්‍රීස් තවරා පොලිතීන්වලින් ඔතා සැබෑම ගිනි අවි ලෙස දර්ශනය වන පරිදි සකස් කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම ගිනිඅවි කිසියම් අයෙකුට විකිණීම සඳහා මෙලෙස ගෙනවිත් ඇති බවට පොලිසිය සැකපළ කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46