Update – කඩුගන්නාව ප්‍රදේශයේ නායයෑමෙන් ජීවිත හානි 06ක්

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් කන්දක් කඩා වැටීමේ අද (22) උදෑසන සිදු වූ අනතුරින් මියගිය සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මේ වන විට එම අනතුරෙන් තුවාල ලැබූ කාන්තාවක් ඇතුළු පුදගලයන් 05 දෙනෙක් ද රෝහල් ගත කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව නායයෑමට ලක් වූ එම ස්ථානයේ විපතට පත්වූන් බේරා ගැනීමේ මෙහෙයුම් අවසන් කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්