Update – ඉන්දියාවේ සිට රැගෙන ආ කරන්දෙණියේ රාජුගෙන් පැය 72ක් රඳවා ගෙන ප්‍රශ්න කරයි

ඉන්දියාවේ දී අත්අඩංගුවට පත්ව ඊයේ (17) රාත්‍රියේ මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘කරන්දෙණියේ රාජු’ නමැත්තා පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් අද (18) අම්ධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ මෙම සැකකරුට එරෙහිව මෙරට අධිකරණවල වරෙන්තු 15ක් නිකුත්කර ඇති බවයි.

ඊට අමතරව න ‘කරන්දෙණියේ රාජු’ නමැත්තාට එරෙහිව විදේශ ගමන් තහනම් 26ක් ද නිකුත් කර ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එමෙන්ම මෙම සැකකරු මීටියාගොඩ, කරන්දෙණිය, බලපිටිය සහ දකුණු පළාතේ සිදුවූ මනුෂ්‍ය ඝාතන, බරපතළ තුවාල කිරීම් සහ මංකොල්ලකෑම් මෙන්ම අවි ජාවාරම වැනි විවිධ වූ අපරාධ රාශියකට අවශ්‍යව සිටි පුද්ගලයෙකු බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.

දිවයිනට රැගෙන ආ මෙම සැකකරු සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශගේ සෘජු අධීක්ෂණය යටතේ ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

මේ අතර මෙරට අපරාධ සිදුකර විදේශ රටවල සැඟව සිටි රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවන් 32ක් මේ වනවිට දිවයිනට රැගෙනවිත් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එමෙන්ම මෙරටට අවශ්‍යව කර සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවන් 08 දෙනෙක් මේ වනවිට විදේශ රටවල අත්අඩංගුවේ පසුවන බවයි ඔහු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11
Video thumbnail
අක්‍රමිකතාවක් ගැන පොලිස්පතිට එරෙහිව පැමිණිල්ලක් - හිතවතාට බයික් ගෙන්නන දවසට බයික් ගන්න වෙන්නේ
06:10
Video thumbnail
මම කාගේත් මුදල් තැන්පතු භාර අරගෙන නෑ - එළියට ආ තිස්සකුට්ටි කිව්ව කතාව
06:14
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06