Update – ඇල්ලේ මාරක බස් අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 23 සහ 24 යන කිලෝමීටර් කණු අතර ප්‍රදේශයේ දී ඊයේ (04) රාත්‍රියේ සිදු වූ විනෝද චාරිකාවක් ගිය පිරිසක් බස් රථයක් ප්‍රපාතයකට පෙරළී දරුණු අනතුරක් සිදු වුණා.

මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එම පිරිස අතර බස් රථයේ රියදුරු ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් තවත් 16 දෙනෙක් තුවාල ලබා රෝගල්ගතව ප්‍රතිකාර ලබනවා.

මේ අතර පොලිසිට පවසන්නේ රාත්‍රියේ සිදු වූ මෙම අනතුරින් පසුව ආපදාවට ලක්ව සිටි පුද්ගලයන් මුදාගැනීමේ මෙහෙයුම්වල සහාය වූ පුද්ගලයින් දෙදෙනෙක් ද තුවාල ලබා ඇති බවයි.

එම පුද්ගලයින් දෙදෙනා ද ප්‍රතිකාර සඳහා රෝගල් ගතකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

අල්ල ප්‍රදේශයේ සිට වැල්ලවාය දෙසට ධාවනය වූ බස් බස් රථය 23 සහ 24 යන කිලෝමීටර් කණු අතර ප්‍රදේශයේ දී ඉදිරියෙන් පැමිණි ජීප් රථයක සහ ආරක්‍ෂිත වැටේ ගැටීමෙන් ප්‍රපාතයට පෙරළී ඊයේ (04) රාත්‍රී 9.20ට පමණ මෙම අනතුර සිදුව තිබුණා.

මේ අතර අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ මෘත ශරීර දියතලාව, බණ්ඩාරවෙල සහ බදුල්ල යන රෝහල්වල තැන්පත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06