Update – ඇඹිලිපිටියේ මාරක අනතුර සිදුකළ රියදුරු අත්අඩංගුවට – CCTV දර්ශන මෙන්න (වීඩියෝ)

පුද්ගලයෙකුට ජීවිතය අහිමි කරමින් අද (03) පස්වරුවේ ඇඹිලිපිටිය, ගල්වංගුව ප්‍රදේශයේ දී මාරක අනතුරක් සිදුකළ මෝටර් රථ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර රියදුරා 30 හැවිරිදි වියේ පසුවන තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

මොහු පුද්ගලික ආයතනයට කළමණාකාරවරයෙක් ලෙස සේවය කරන අයෙක් වන අතර, අනතුර සිදුකළ අවස්ථාවේ දී ඔහු බීමතින් සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔහු සමඟ තවත් පුද්ගලයින් දෙදෙනෙක් මෝටර් රථයේ සිට ඇති බව ද පොලිසිය සඳහන් කළා.

සැකකාර රියදුරා පැදවූ මෝටර් රථය තවත් වාහන පහක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර, එහිදී ජීවිතක්ෂයට පත් වුණේ 73 හැවිරිදි වියේ පසු වූ කොළඹගේ ආර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

අනතුරින් තුවාල ලැබූ සිව්දෙනෙක් මේ වනවිට ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පොලීසිය පැවසුවේ එම මෝටර් රථය, ත්‍රිරෝද රථ තුනක, යතුරුපැදියක සහ තවත් මෝටර් රථයක ගැටී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32