spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Update – ඇඹිලිපිටියේ මාරක අනතුර සිදුකළ රියදුරු අත්අඩංගුවට – CCTV දර්ශන මෙන්න (වීඩියෝ)

පුද්ගලයෙකුට ජීවිතය අහිමි කරමින් අද (03) පස්වරුවේ ඇඹිලිපිටිය, ගල්වංගුව ප්‍රදේශයේ දී මාරක අනතුරක් සිදුකළ මෝටර් රථ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර රියදුරා 30 හැවිරිදි වියේ පසුවන තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

මොහු පුද්ගලික ආයතනයට කළමණාකාරවරයෙක් ලෙස සේවය කරන අයෙක් වන අතර, අනතුර සිදුකළ අවස්ථාවේ දී ඔහු බීමතින් සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔහු සමඟ තවත් පුද්ගලයින් දෙදෙනෙක් මෝටර් රථයේ සිට ඇති බව ද පොලිසිය සඳහන් කළා.

සැකකාර රියදුරා පැදවූ මෝටර් රථය තවත් වාහන පහක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර, එහිදී ජීවිතක්ෂයට පත් වුණේ 73 හැවිරිදි වියේ පසු වූ කොළඹගේ ආර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

අනතුරින් තුවාල ලැබූ සිව්දෙනෙක් මේ වනවිට ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පොලීසිය පැවසුවේ එම මෝටර් රථය, ත්‍රිරෝද රථ තුනක, යතුරුපැදියක සහ තවත් මෝටර් රථයක ගැටී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
3
+1
6
+1
8
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?