Update – ආපදා මරණ ගණන 400 ඉක්මවයි 336 දෙනෙක් තවමත් අතුරුදන්

දිවයිනටම බලපා තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ ආපදා මරණ සංඛ්‍යාව 410ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

තවත් පුද්ගලයින් 336 දෙනෙක් අතුරුදන්ව ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.

මීට අමතරව පවුල් 407,594කට අයත් පුද්ගලයින් 1,466,615ක් පීඩාවට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මේ අතර අතුරුදන්වූවන්ගේ සිරුරු සොයා මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක වනවා.

වැඩිම ජීවිත හානි සංඛ්‍යාවක් වාර්තා වන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 88 ක්.

එම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 150 දෙනෙකු අතුරුදන්ව ඇති අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ මරණ 83ක් සහ අතුරුදන්වීම් 28ක් වාර්තා වනවා.

එමෙන්ම නිවාස 20,271ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, නිවාස 64,483ක් අර්ධ වශයෙන් හානියට පත්ව තිබෙනවා.

සහන සේවා ක්‍රියාත්මක වෙමින් පවතින අතර, පුද්ගලයින් 233,015 දෙනෙකු දැනට ආරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටිනවා.

මේ අතර ගංවතුරත් සමඟ රෝග අවදානම ඉහළ යන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38