නේපාලයට බලපෑ ගංවතුර සහ නායයෑම්වලින් බලපෑමට ලක්වූ ප්‍රදේශවලින් මේ වන විට මළ සිරුරු 270ක් සොයාගෙන ඇති බව නේපාල පොලිසිය පවසනවා.
එමෙන්ම මුදවා ගැනීමේ මෙහෙයුම් අතරතුර තුවාල ලැබූ පුද්ගලයින් 33 දෙනෙක් රෝහල්ගත අකර ඇති බවද වාර්තා වනවා.
මුදවා ගැනීමේ මෙහෙයුම් කටයුතු සඳහා මේ වන විට පොලිස් නිලධාරීන් 3,318 දෙනෙකු යොදවා ඇති බවත් නේපාල පොලිසිය විසින් නිකුත් කළ වාර්තාවේ සඳහන්.













