Rajapura Handi Oil
Rajapura Diabetic Powder

Update – ගාල්ලට රැගෙන ආ ධීවර යාත්‍රාවේ අයිස් සහ හෙරොයින් පැකට් 102ක්

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ නාවික හමුදාව විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමකින්, මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් ඊයේ (12) දිනයේ නාවික හමුදාව විසින් භාරයට ගනු ලැබුවා.

එම බහුදින ධිවර යාත්‍රාව මේ වන විට ගාල්ල ධීවර වරාය වෙත රැගෙන විත් ඇති අතර එහි තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 102ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

එමෙන්ම අදාළ යාත්‍රාවේ සිටි සැකකරුවන් 05 දෙනෙක් ද ගොඩබිමට රැගෙන විත් ඇති අතර, ඔවුන්ව මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.