ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි අද (12) දහවල් සිදු වූ ඛේදජනක ගුවන් අනතුර ගැන ජනපති අනුර කුමාර දිසානායක මහතා මහත් සංවේගය පළ කර තිබෙනවා.
ජර්මනියේ නිල සංචාරයක නිරත ව සිටින ජනපතිවරයා X සටහනක් තබමින් කියා ඇත්තේ; එම සිදුවීම ඇසීමෙන් තමන් දැඩි ලෙස ශෝකයට පත් වූ බවයි.
යානයේ සිටි සියලු දෙනාගේ පවුල්වලට තමන් හෘදයාංගම ශෝකය පළ කරන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තැබූ X සටහනේ දැක්වෙනවා.
මෙම ඛේදවාචකයෙන් ජීවිත හා අනාගතය අහිමි වූ තරුණ වෛද්‍ය සිසුන් ඇතුළු භූමියේ සිවිල් වැසියන්ට සිදු වූ හානි ද ඒ හා සමානව හද කම්පා කරවන සුළු බවයි එම ශෝකී සටහනේ දැක්වෙන්නේ.
මෙම ශෝකජනක මොහොතේ, ශ්‍රී ලංකාවේ ජනතාව ඉන්දියාව සමඟ සහයෝගයෙන් සිටින බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.