TikTok තහනමට ඇමරිකානු සෙනෙට් සභිකයින් පිරිසකගෙන් කෙටුම්පතක්

අමරිකානු එක්සත් ජනපද රජයට නව බලතල ලබා දෙන සහ අවදානම් තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණයන්ට සීමා පැනවෙන පනත් කෙටුම්පතක් හඳුන්වා දීමට සෙනෙට් සභිකයින් පිරිසක් පියවර ගෙන තිබෙනවා.

එම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ධවල මන්දිරය සෙනෙට් සභිකයින් කණ්ඩායමට ප්‍රශංසා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් ප්‍රකාශ කර ඇත්තේ රටට අවදානමක් ඇති කරන තාක්ෂණයන්ට එරෙහිව පියවර ගැනීම අවශ්‍ය බැවින් එම නීති කඩිනමින් සම්මත කර ජනාධිපතිවරයා වෙත යොමු කරන ලෙස කොංග්‍රසයෙන් ඉල්ලා සිටින බවයි.

ජනතාවගේ සංවේදී දත්ත සහ රටේ ජාතික ආරක්ෂාවට අවදානමක් ඇති වන පරිදි ක්‍රියාත්මක වන තාක්‍ෂණ සේවා වැළැක්වීමට නීති සම්පාදනය සඳහා මෙමගින් එක්සත් ජනපද රජයට බලය ලබා දෙන බව ජේක් සුලිවන් පෙන්වා දෙනවා.

ඔහුගේ මෙම ප්‍රකාශය පැමිණෙන්නේ මාර්ක් වෝනර් සහ ජෝන් තූනේ ප්‍රමුඛ සෙනෙට් සභිකයින් පිරිසක් TikTok වැනි ජාතික ආරක්ෂාවට අවදානමක් ගෙනඑන විදේශීය තාක්‍ෂණයෙන් එල්ල වෙමින් පවතින තර්ජන ආමන්ත්‍රණය කිරීම වෙනුවෙන් තොරතුරු සන්නිවේදන සහ තාක්‍ෂණ ගනුදෙනු සමාලෝචනය, වැළැක්වීම සහ අවම කිරීමට එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුවට බලය ලබා දෙන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

ඇමරිකානුවන්ගේ සුරක්ෂිත බව සහ ආරක්ෂාවට තාක්ෂණය මත පදනම් වූ තර්ජන ආමන්ත්‍රණය කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ක්‍රමානුකූල රාමුවක් ඉදිරිපත් කරන බවද සුලිවන් සඳහන් කළා.

නව යාන්ත්‍රණය මගින් රට තුළ ක්‍රියාත්මක වන අධි අවදානම් තාක්‍ෂණ ව්‍යාපාරවල අවදානම සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ අවදානම අවම කිරීම සඳහා එක්සත් ජනපද රජයට බලය ලබා දෙන බවද ඔහු අවධාරණය කළා.

අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කළ මාර්ක් වෝනර් මීට පෙර පෙන්වා දී තිබුණේ බොහෝ දෙනා තර්ජනයක් ලෙස දකින්නේ TikTok බවයි. එය චීන කොමියුනිස්ට් පක්ෂයේ නිරීක්ෂණ සක්‍රීය කරන්නේ කෙසේද, නැතහොත් එක්සත් ජනපදයට බලපෑම් ඇතිකරන ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට පහසුකම් සපයන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවන බවද ඔහු ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත්, TikTok වලට පෙර,ඇමරිකානුවන්ට තර්ජන මතු කළේ Huawei සහ ZTE යන විදුලි සංදේශ ජාල බවත් ඊටත් පෙර රජයේ සහ ආයතනික උපාංගවල ආරක්ෂාවට තර්ජනයක් වූයේ රුසියාවේ Kaspersky Lab බවත් වෝනර්ගේ අදහසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14