T20 විගණන වාර්තාව කෝප් කමිටුවේදී විමර්ශනයට (වීඩියෝ)

2022 T-20ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලිය ආශ්‍රිත විශේෂ විගණන වාර්තාව ඇතුළු කරුණු කෝප් කමිටුවේදී විමර්ශණයට ලක් කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබද විමර්ශන අඛන්ඩව දින තුනක් පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

මෙහිදී අමාත්‍යාංශයේ මඟ පෙන්වීම ප්‍රමාණවත් නොවන බව අවධාරණය කර ඇති අතර ක්‍රීඩා සමාජවල කටයුතු සම්බන්ධව අමාත්‍යාංශයේ මඟ පෙන්වීමේ දුර්වලතා පවතින බවට ද හඳුනාගෙන තිබෙනවා.

ක්‍රිකට් ආයතනයේ නිසි ක්‍රියා පටිපාටිය සංවර්ධනය කරන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කෙරුණු අතර ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර විගණන අංශය ශක්තිමත් කිරීමට නිර්දේශ කරනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාරගේ සභාපතීත්වයෙන් රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවා තිබුණා.

මෙහිදී 2022 T-20 ලෝක කුසලාන තරගාවලිය ආශ්‍රිත විශේෂ විගණන වාර්තාව ඇතුළු කරුණු විමර්ෂණය කිරීමයි සිදු වූයේ.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කනපතිපිල්ලේ මහේසන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට කැඳවා තිබුණා.

කාරක සභාව ආරම්භයේදීම විගණකාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වගන්තිය ඇතුළු නෛතික ප්‍රතිපාදන මත විගණකාධිපතිවරයාට ක්‍රිකට් ආයතනය විගණනය කිරීමේ බලය ලැබී ඇති ආකාරය පැහැදිළි කරනු ලැබුවා.

ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා සමාජ සදහා අවශ්‍ය මග පෙන්වීම සහ නියෝග ලබා දී ඇති බව ලේකම්වරයා පැවසුව ද ඒ සඳහා අමාත්‍යාංශයේ මැදිහත්වීම වැඩි විය යුතු බවයි කමිටුව විසින් අවධාරණය කරනු ලැබුවේ.

නෛතික ප්‍රතිපාදන අනුව විධායක කමිටුව විසින් අමාත්‍යවරයාගේ අනුමතිය ලබා ගත යුතු වුවද ඕස්ට්‍රේලියාවට යාම සඳහා අමාත්‍යවරයාගේ ආවරණ අනුමැතියට යටත්ව පසුගිය 2022 වසරේ ඔක්තෝබර් 07 වනදා ලේකම්වරයා අනුමතිය ලබා දී ඇතත් අමාත්‍යවරයාගේ අනුමතිය ලබා දී නොතිබීම පිළිබදව අවධානය යොමු වී තිබෙනවා. මේ අනුව එවකට හිටපු ලේකම්වරයා ඉදිරියේදී ගෙන්වීමටත් ඊට අදාළ ලිපිගොනු පරීක්ෂා කිරීමටත් තීරණය කෙරුණා.

ඕස්ට්‍රේලියා සංචාරය සදහා විධායක කමිටු සාමාජිකයන් වෙනුවෙන් ගෙවිය යුතු බවට ගිණුම්ගතකර තිබූ රුපියල් මිලියන 8කට ආසන්න මුදලක් විගණන පරීක්ෂාව අතරතුර ගිණුම්වලින් ඉවත් කිරීම සහ ඊට අදාළ බිල්පත් විගණනයට ඉදිරිපත් නොකිරීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. මේ අනුව ආයතනයේ කටයුතු සදහා නිසි ක්‍රමවේදයන් සකස් විය යුතු බවයි කෝප් කමිටුව අවධාරණය කර ඇත්තේ.

2016 වසරේ ගැසට් පත්‍රයකට අනුව විගණකාධිපති දෙපාර්තමේන්තුව සතු බලතල 2020 වසරේදී ඉවත් කිරීමෙන් ක්‍රීඩා සංගම්වලට සිය සිතැඟි පරිදි කටයුතු කිරීමට බලය ලැබීම ඇති බව සාකච්ඡා වුණා. මෙම තත්ත්වය හේතුවෙන් ක්‍රීඩා සංගම්වලට කැමති පරිදි මුදල් වියදම් කිරීමට බලය ලැබී ඇති අතර එබැවින් 2016 පැවති නෛතික තත්ත්වය නැවත සමාලෝචනය කළ යුතු බවයි සාකච්ඡා වූයේ.

ඕස්ට්‍රේලියා සංචාරය සදහා වීසා ලිපි නිකුත් කිරීමේ ගැටලු, ගුවන් ටිකට්පත් මිලදී ගැනීම සම්බන්ධ විගණන විමසුම්, විදෙස් සංචාර සදහා මාධ්‍ය ආයතන තෝරා ගැනීමේදී විනිවිද බවකින් යුතු විවෘත ක්‍රමවේදයක් භාවිතා කිරීමේ අවශ්‍යතාව ඇතුළු කරුණු පිළිබදව ද මෙහිදී අවධානය යොමු වුණා.

මේ අනුව ක්‍රිකට් ආයතනයේ නිසි ක්‍රියා පටිපාටිය සංවර්ධනය කරන ලෙසට අමාත්‍යාංශ ලේකම්ට නියෝග කළ අතර ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර විගණනය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවත් කමිටුව විසින් අවධාරණය කරනු ලැබුවා.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබද විමර්ශන අඛන්ඩව දින තුනක් පැවැත්වීමටත් ඉදිරියේදී එම දින දැනුම් දීමටත් තීරණය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32