T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට දකුණු අප්‍රිකාව සුදුසුකම් ලබයි

මෙවර පන්දු වාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන පළමු කණ්ඩායම බවට දකුණු අප්‍රිකාව මීට ටික වේලාවකට (27) පෙර තේරී පත්වුණා.

ඒ ඇෆ්ගනිස්තානය කඩුලු 09කින් පරාජයට පත් කරමින්.

අද තරගය පැවැත්වුණේ Tarouba හි දී පැවැත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගන් නායක රෂීඩ් ඛාන් පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

නමුත් එම තීරණයෙන් උපරිම ප්‍රතිඵල ලබන්නට නම් ඇෆ්ගන් කණ්ඩායමට හැකි වූයේ නැහැ.

ඇෆ්ගනුන් පිතිකරුවන් සියල්ලම ලකුණු 10ටත් එකිනෙකා පිළිවෙළින් යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට දකුණු අප්‍රිකානු පන්දු බලඇණිය සමත් වුණා.

අෂ්මතුල්ලා ඕමර්සායිට පමණක් සිය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 10ක් ලබා ගැනීමට හැකි වූ අතර, පන්දුවාර 11ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 56ක පහසු ඉලක්කයක් දකුණු අප්‍රිකාවට එරෙහිව ඇෆ්ගනිස්තානයේ ලකුණු පුවරුවේ ලියැවී තිබුණා.

ඒ අනුව තරගය ජයග්‍රහණයට පන්දුවාර 20 ක් තුළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 57ක ඉලක්කයක් හිමි වුණා.

දකුණු අප්‍රිකාව එක් කඩුල්ලක් පමණක් දැවී සිය ජයග්‍රහණය වාර්තා කළේ තවත් පන්දු 68ක් ඉතිරිව තිබියදියි.

ඒ අනුව දකුණු අප්‍රිකාව මෙවර T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තෙ තරගය කඩුලු 09කින් ජය ගනිමින්.

Fazalhaq Farooqi දකුණු අප්‍රිකාවෙන් එක් කඩුල්ලක් උදුරා ගත්තා.

තරගයේ වීරයා සම්මානය Marco Jansen දිනා ගත්තේ ලකුණු 16කට කඩුලු 03ක් බිඳ දැමීම හේතුවෙන්.

අද තරගය ජයග්‍රහණයත් සමග දකුණු අප්‍රිකාව ලෝක කුසලානයක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ ඉතිහාසයේ පළමු වරට වීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39