T20 ලෝක කුසලානයට ශරීරය යෝග්‍ය වුණොත් රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා – ඇන්ජිලෝ මැතිව්ස්

තවත් මාස හයක් ඇතුළත පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් තම ශරීර යෝග්‍යතා සකසා ගැනීමටත්, අවස්ථාවක් ලද හොත්, තම රටේ දී ම ලෝක කුසලානයක් ජය ගැනීමට ලබාදිය හැකි උපරිම සහාය ලබාදෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජිලෝ මැතිවස් පවසනවා.

හෙට (17) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට පෙර පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මැතිව්ස් මේ බව අද (16) ප්‍රකාශ කළා.

තමන් පළමු ටෙස්ට් තරගයට පමණක් හෙට දිනයේ දී ක්‍රීඩා කර, ටෙස්ට් පිටියෙන් සමුගන්නා බවත්, එහි ප්‍රමුඛතම අරමුණ වන්නේ දක්ෂ ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදීම බවත් ඇන්ජිලෝ මැතිව්ස් සඳහන් කළා.

තමන්ගෙන් හිස්තැන් වන ස්ථානය පිරවීමට කිසිදු ක්‍රීඩකයෙකු නොමැති බවට කිව නොහැකි බවත්, මේ රට තුළ ඕනෑ තරම් දක්ෂයින්, ඔප මට්ටම් කළ හැකි ක්‍රීඩකයින් සිටින බවත්, නුදුරේදී එම දක්ෂයින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සේ ම රටට ජයග්‍රහණ අත්පත් කරදෙන බව ද තමන්ට විශ්වාස බවයි මැතිව්ස් වැඩිදුරටත් පැවසුවේ.

ක්‍රීඩාවට පිවිසි දින සිට මේ වන තෙක් ජයග්‍රහණ, බිඳ වැටීම් තුළ දී තනි නොකොට, ආශිර්වාද කළ දෙවියන් වහන්සේටත්, දෙමාපියන්ට, බිරිඳ හා දරුවන්ට, කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ සියලුම ගුරුභවතුන්ට මෙන් ම තමන් වෙනුවෙන් සිටි මිත්‍රයින් හා ප්‍රේක්ෂකයින්ටත් සිය ස්තුතිය පුද කරන බව ද මැතිව්ස් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32