T20 ලෝක කුසලානයට ඇමරිකාවේ ක්‍රීඩාංගණ තුනක්

2024 වසරේදී පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ තුනක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය විසින් පළමු වරට T20 ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය ලබා දීමට සූදානම් වන අතර, Dallas හි Grand Prairie, ෆ්ලොරිඩාහි Broward County සහ නිව්යෝක් ප්‍රාන්තයේ Nassau County යන නගර තරග පැවැත්වෙන ක්‍රීඩාංගන ලෙසටයි තෝරාගෙන ඇත්තේ.

2021 වසරේ නොවැම්බර් මාසයේදී ICCය විසින් ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් ගෝලීය තරඟාවලියේ සම-සත්කාරකයන් ලෙස තෝරා ගනු ලැබුවා.

විකල්ප කිහිපයක් පිළිබඳ පුළුල් ඇගයීමකින් පසුවයි ඇමරිකාවේ මෙම ස්ථාන තෝරා ගෙන ඇත්තේ.

තරඟ සඳහා පහසුකම් වැඩි කිරීමට මොඩියුලර් ක්‍රීඩාංගන (Modular stadium) යොදාගනු ලබනවා.

නිව් යෝර්ක් හි නසාවු ප්‍රාන්තයේ අයිසන්හවර් උද්‍යානයේ ආසන 34,000 කින් යුත් මොඩියුලර් ක්‍රීඩාංගනයක් ඉදිකිරීම සඳහා එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ICC ප්‍රධාන විධායක ජෙෆ් ඇලර්ඩිස් සඳහන් කර ඇත්තේ මෙතෙක් පැවැත්වෙන විශාලතම T20 ලෝක කුසලානය සඳහා ස්ථාන ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සතුටට පත් වන බවයි.

“කණ්ඩායම් 20ක් තරඟ වදින, මෙතෙක් පැවැත්වෙන විශාලතම ICC පිරිමි T20 ලෝක කුසලානයේ කොටසකට සත්කාරකත්වය සපයන ඇමරිකාවේ ක්‍රීඩාංගණ තුන නිවේදනය කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. ඇමරිකා එක්සත් ජනපදය උපාය මාර්ගික වශයෙන් වැදගත් වෙළඳපොලක් වන අතර ලෝකයේ විශාලතම ක්‍රීඩා වෙළඳපොලේ ප්‍රකාශයක් කිරීමට මෙම ස්ථාන අපට කදිම අවස්ථාවක් ලබා දෙයි. ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්ත රසික පිරිසක් සහ විවිධ ප්‍රජාවන් එක්සත් කිරීමේ හැකියාව පිළිබඳ දැනුවත්භාවය ඇමරිකා එක්සත් ජනපදය තුළ වර්ධනය වෙමින් පවතිනවා. මීට පෙර ICC ගෝලීය ඉසව්වකට සත්කාරකත්වය නොදැක්වූ ස්ථානයක මොඩියුලර් ක්‍රීඩාංගණ තාක්ෂණය යොදාගනිමින් ලෝක මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබීම ගැන අපි ඉතා සතුටට පත්වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රිකට් ලෝලීන්ට ලොව හොඳම දේ ඔවුන්ගේ දොරකඩින් නැරඹීමට අවස්ථාව ලබා දෙනවා.

පූර්ව තරග සහ පුහුණුවීම් සඳහා තවත් ස්ථාන කිහිපයක් හඳුනාගෙන තිබෙනවා.

2024 T20 ලෝක කුසලානය ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සත්කාරකත්වයෙන් යුතුව ලබන වසරේ ජුනි 04 වැනිදා සිට 30 වැනිදා තෙක් පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15