T20 කිරුළට සිංහයින්ට ලුහුබැඳිය හැකි අවසන් තුරුම්පුව

ඊයේ දකුණු අප්‍රිකාවට එරෙහිව තරගය තියුනු සටනකින් පසු පරාජය වුවද, ICC T20 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ ස්ථානයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තවමත් අවස්ථාව විවරව තිබෙනවා.

ඒ සඳහා ඉඩ සලසා ගැනීමට නම් ශ්‍රී ලංකාව සිය අවසන් තරග දෙකම ජයගෙන ලකුණු 6ක් රැස් කර ගත යුතුයි.

යම් හෙයකින් ශ්‍රී ලංකාව ලකුණු හයකින් බී කන්ඩයේ තරග අවසන් කර ගත්තේයැයි උපකල්පනය කළහොත්, දල ළකුනු ලබා ගැනීමේ වේගය නොසලකා ඔවුන්ට සුදුසුකම් ලැබිය හැකි ආකාරයයි මේ.

එංගලන්තය ශ්‍රී ලංකාව හමුවේ පරාජය වී ඔවුන් දකුණු අප්‍රිකාව පරාජය කළ යුතුයි.

ඔස්ට්‍රේලියාව  බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශයට එරෙහිව ඉතිරි තරග දෙකම පරාජය විය යුතුයි.

දකුණු අප්‍රිකාව බංග්ලාදේශයට සහ එංගලන්තයට පරාජය විය යුතු අතර බංග්ලාදේශය ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව පරාජය කළ යුතු වනවා.

බටහිර ඉන්දීය කොදෙව්වන් ඕස්ට්‍රේලියාව පරාජය කළ යුතු අතරම ඔවුන් ශ්‍රී ලංකාව හමුවේ පරාජය ද විය යුතුයි.

යම් ලෙසකින් මේ සියල්ල සිදුවන්නේ නම්, ශ්‍රී ලංකාවට දල ලකුණු ළබා ගැනීමේ වේගය සැලකිල්ලට නොගෙන තරගාවලියේ ඉදිරියට යාමට හැකියාව පවතිනවා.

කෙසේ වෙතත් මෙම අවස්ථා සියල්ල කක්‍රියාත්මක වී ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබුවහොත් ඔවුන්ගේ දෝතට ලෝක කුසලානය නොලැබෙතැයි කිව හැක්කේ කාට ද ?මීට අමතරව ශ්‍රී ලංකාවට තවමත් සුදුසුකම් ලැබිය හැකි තවත් අවස්ථා කිහිපයක් ඇති නමුත් එම අවස්ථා වලදී දල ලකුණු ලබා ගැනීමේ වේගය මත පදනම්ව එම අවස්ථාවන් ක්‍රියාත්මක වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැසිකිළිවලට මුලගල් තියන එක තමයි මේ ආණ්ඩුවේ සංවර්ධනය
11:08
Video thumbnail
චාමර දීපු Entry එකට වේදිකාව දෙදරෙයි
01:45
Video thumbnail
හිරේ දාලා අපිව බය කරන්න බෑ - දුමින්ද සැරවෙයි
09:43
Video thumbnail
එරාජ් ප්‍රනාන්දු එළොව ගිය ස්ථානයට මහේස්ත්‍රාත්වරයා පැමිණෙයි - ගොඩනැගිල්ල ඇතුළත දර්ශන මෙන්න
03:25
Video thumbnail
අපේ කවුරුහරි ජනාධිපති සූට් මහනවා නම් අපි ඒක ගලවනවා
03:54
Video thumbnail
අධිකරණයෙන් එළියට ආ වටගල කිව්ව දේ - නීත්‍යානුකූලයි සහ ජනමත විචාරණයක් අනවශ්‍ය බව පෙන්නුවා
02:06
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බිහිසුණු අනතුරක් - දුරකථන කණුවකුත් කඩාගෙනම ගිහින්
01:02
Video thumbnail
කයිවාරු ගහපු මේ ආණ්ඩුව අද අනාථ වෙලා
03:31
Video thumbnail
ප්‍රභා අද හිටියා නම් මේ ආණ්ඩුවේ ඇමති..?
04:51
Video thumbnail
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය මල් ශාලාවේ තැන්පත් කරයි - ගෞරව දක්වන්න කලාකරුවන් රැසක් එයි
01:14