spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

STF ජීප් රථයක් දරුණු අනතුරකට ලක්වෙයි – සෙබළුන් දෙදෙනෙක් මරුට (ඡායාරූප)

වවුනියාව, වෙලිකුලම ප්‍රදේශයේ දී ඊයේ (09) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් එම බලකායේ තවත් සෙබළුන් හයදෙනෙකු තුවාල ලබා ඇති බවයි වවුනියාව පොලිසිය සඳහන් කළේ.

වර්ෂාව පැවති අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බළකා ජීප් රථයක් ගමන්ගන්නා අවස්ථාවේ මාර්ගයේ රැදී සිටි ගවයින්ගේ ගැටී මාර්ගය අසළ තිබූ තාප්පක ද ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසූවේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වවුනියාව, මඩුකන්ද පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්තව සේවය කළ සෙබළුන් දෙදෙනෙක්.

තුවාල ලැබූ අනෙක් සෙබළුන් හයදෙනා වවුනියාව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වුණේ.

අනතුර සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

Accident 6 1
Accident 13
Accident 7 1
Accident 9 1
Accident 10 1
Accident 1
Accident 5 1
Accident 4 1
Accident 3 1
Accident 2 1

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
0
+1
28
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?