spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

SMS වලටත් බද්දක් – ඩීසල් සහ පෙට්‍රල්වලටත් VAT වදියි

ඖෂධ, ආබාධිත උපකරණවලට, හාල් පිටි, තිරිඟු පිටි, එළවළු, පළතුරු, කිරි, ගිලන්රථ සේවාවට වැට් බද්දක් අය නොකෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට අද (10) පාර්ලිමේන්තුවේ දී එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර භාණ්ඩ 97කට අලුතින් වැට් බදු පැනවීමෙන් රටේ උද්ධමනය සියයට දෙකකින් වැඩි විය හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

ජංගම දුරකථන කෙටි පණිවුඩවලට අමතරව ස්ථාවර දුරකථන මඟින් යවන කෙටි පණිවුඩ සඳහාත් බද්දක් අය කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙහිදී සඳහන් කළ අතර, ඩීසල් සහ පෙට්‍රල්වලට ද බැට් බදු අය කෙරෙන බව ඔහු ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
4
+1
13
+1
6
+1
3
+1
1
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?