SLFP හුටපටයට තිලංගත් හවුල් වෙයි – උසාවියෙන් අතුරු තහනමක්

තිලංග සුමතිපාල මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව ගොනු කර ඇති පුද්ගලික නඩුව අගෝස්තු 6 දක්වා වාරණය කරමින් අභියාචනාධිකරණය ඊයේ (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

නිමල් සිරිපාල සිල්වා මහතා විසින් ගොනු කර තිබූ රීට් පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණය මෙම නියෝගය සිදු කර තිබෙනවා.

අදාළ නියෝගය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන ලෙස ද අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් හමුවේ සලකා බලා තිබෙනවා.

පෙත්සම්කරු සිය පෙත්සම මඟින් පවසන්නේ, පොදු ජන එක්සත් පෙරමුණේ ලේකම්වරයා වූ තිලංග සුමතිපාල මහතා කොළඹ ටී. බී. ජයා මාවතේ පිහිටි නිදහස් පක්ෂ කාර්යාලය තුළ තිබෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලය තුළ සිටිය දී ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු පැමිණ දොරවල්වලට ඉබි යතුරු දැමීමට කටයුතු කළ බවට ඒ මහතා විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.

අයුතු ලෙස රඳවා තබා ගැනීම ඇතුළු අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ තිලංග සුමතිපාල මහතා මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

එය සලකා බැලූ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් 19 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තමන් වෙත සිතාසි නිකුත් කළ බව පෙන්වා දෙන නිමල් සිරිපාල ද සිල්වා මහතා අධිකරණය විසින් මෙම සිතාසි නිකුත් කර තිබෙන්නේ ප්‍රමාණවත් කරුණු හැදෑරීමකින් තොරව බව පෙත්සම මඟින් පවසයි.

ඒ අනුව තමන්ට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පැවැත්වෙන පෞද්ගලික පැමිණිල්ල මත වූ ඉදිරි විභාග කටයුතු අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම තමන්ට හෙට (26) අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කර තිබෙන සිතාසිය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර නිමල් සිරිපාල ද සිල්වා අභියාචානාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32