spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Slave Island කොම්පඤ්ඤ වීදිය වීම ගැන අගමැතිට තුති

Slave Island ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලැබූ කොම්පඤ්ඤ වීදිය නැවත කොම්පඤ්ඤ වීදිය ලෙසට නම් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මැලේ සංගමය (SLMA) අග්‍රාමාත්‍යවරයාට සිය කෘතඥතාව පළ කර තිබෙනවා.

අද (12) අරලියගහ මන්දිරයේ දී ශ්‍රී ලංකා මැලේ සංගමයේ (SLMA) සභාපති රිස්වාන් බදූර්දීන් සහ ප්‍රධාන ලේකම් ඉක්‍රාම් කට්ටිලාන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමු වූ අවස්ථාවේදී යි මේ බව කියාසිටියේ.

කොම්පඤ්ඤ වීදිය යන නම සිංහල සහ දෙමළ භාෂාවලින් භාවිත වී ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් Slave Island ලෙස හැඳින්වූ අතර එය ඉංග්‍රීසි භාෂාවෙන්ද කොම්පඤ්ඤ වීදිය ලෙස වෙනස් කිරීමට අග්‍රාමාත්‍යවරයා ගත් පියවර ඔවුන් අගය කර තිබෙනවා.

මෙහිදී මැලේ සංගමය විසින් සිදු කරනු ලබන සමාජ හා සංස්කෘතික කටයුතු පිළිබඳව අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කළා.

100 වැනි සංවත්සරය සමරන ශ්‍රී ලංකා මැලේ සංගමය වෙත අග්‍රාමාත්‍යවරයා සුබ පැතුම් එක් කරනු ලැබුවා.

ශ්‍රී ලංකා මැලේ සංගමයට පෙර පිහිටුවා ගත් ශ්‍රී ලංකා මැලේ ක්‍රිකට් සමාජය මේ වසරේ සිය 150 වැනි සංවත්සරය සමරන බවයි බදූර්දීන් මහතා මෙහිදී කියාසිටියේ.

ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ත්‍රිවිධ හමුදාවේ සේවය කළ සහ කැපකිරීම් කළ මැලේ සාමාජිකයන් පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කෘතවේදීව සිහිපත් කළා.

මැලේ ප්‍රජාව ශ්‍රී ලාංකීය සමාජයට මුළුමනින්ම ඒකාබද්ධ වීම සියලු ජන කොටස්වලට වටිනා ආදර්ශයක් සපයා ඇති බවයි සඳහන් කළේ.

එමෙන්ම සියලුම ප්‍රජාවන්හි අඩු ආදායම්ලාභී පවුල්වල උදෙසා සමාජ සේවා සිදු කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මැලේ සංගමය වෙත ස්තූතිය පුද කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?