Shenzhou-20 අභ්‍යවකාශ මෙහෙයුමේ ගගනගාමීන් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට

චීනයේ Shenzhou-20 අභ්‍යවකාශ යානය කක්ෂගත අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වීමෙන් පසු, එහි ගගනගාමීන් තිදෙනෙකු අභ්‍යවකාශ යානයේ කැප්සියුලයෙන් කක්ෂීය මොඩියුලයට ඇතුළු වුණා.

චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය මේ බව ප්‍රකාශ කළා.

චීනයේ Jiuquan චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමේ මධ්‍යස්ථානයේ සිට ඊයේ පස්වරුවේ අභ්‍යවකාශගත කළ Shenzhou-20 යානය අද අලුයම 1:17ට පමණ කක්ෂගතව තිබෙනවා.

අනතුරුව චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සාර්ථකව ළඟා වූ කැප්සියුලයෙන් පැමිණි ගගනගාමීන් උණුසුම් ලෙස පිළිගැනීමට එහි මෙහෙයුම්වල නිරතව සිටි Shenzhou-19 ගගනගාමීන් පියවර ගෙන තිබුණා.

ඒ සමඟම චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින, ගගනගාමීන් සංඛ්‍යාව මේ වනවිට හයක් වන අතර, ඔවුන් විවිධ කාර්යයන් සම්පූර්ණ කරමින් ඉදිරියේ දී සිය මෙහෙයුම්වල නිරත වනු ඇති.

මෙවර අභ්‍යවකාශ මෙහෙයුමට එක් ව තිබුණේ, Chen Dong, Chen Zhongrui සහ Wang Jie යන ගගනගාමීන් තිදෙනායි.

චීනයේ 10 වැනි අභ්‍යවකාශ දිනය යෙදී තිබූ ඊයේ දිනයේ දී Shenzhou-20 අභ්‍යවකාශ මෙහෙයුම සිදු කිරීම විශේෂත්වයක්.

චීනය සිය පළමු චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කළේ මීට වසර 55කට පෙරයි.

එමෙන්ම මීට වසර 22 කට පෙර චීනය සිය මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම් සාර්ථකව ආරම්භ කළ අතර, මෙවර අභ්‍යවකාශ මෙහෙයුම, ඉතිහාසයට එක් වන්නේ, Shenzhou අභ්‍යවකාශ මෙහෙයුම් මාලාවේ 20 වැන්න ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29