SF කපුවා අතටම හසු වෙයි

කළුතර හා අවට ප්‍රදේශ රැසකට ම විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අයිස් මත්ද්‍රව්‍ය යතුරුපැදි යොදාගනිමින් බෙදා හැරි බවට චෝදනා ලැබ සිටින ‘Sf කපුවා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන ප්‍රධාන පෙළේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ තවත් අයෙකු යතුරුපැදි 5ක් සමග කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් ඊයේ (23) සවස අත්අඩංගුවට ගැනුණා.

කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයට ලද තොරතුරක් මත කළුතර නගරය, පානදුර ,හොරණ සහ බේරුවල ප්‍රදේශවල යතුරුපැදි යොදාගෙන අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන පුද්ගලයෙකු කළුතර ප්‍රධාන පෙළේ පාසලක් ආසන්නයේ පිහිටි නිවසක රැඳී සිටිමින් ජාවාරමේ නිරත වන බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය අදාළ වැටලීම සිදු කර සැකකරු අත් අඩංගුවට ගැනුණු අතර සිදු කළ මූලික විමර්ශනවල දී හෙළි ව ඇත්තේ ඔහු හිටපු යුද හමුදා විශේෂ බලකායේ සෙබළෙකු වන බවයි.

සැකකරු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් සහ යතුරුපැදි 05ක් සොයා ගැනුණා.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී මත්ද්‍රව්‍ය බෙදාහැරීමට සම්බන්ධ තවත් අයෙකු අත් අඩංගුවට ගැනුණු අතර සැකකරුවන් වයස අවුරුදු 38-39 වියෙහි පසුවන්නන්.

මොවුන් දෙදෙනා ම කළුතර බන්ධනාගාරයේ දී මීට පෙර මත්ද්‍රව්‍ය චෝදනාවලට සිරගත ව සිටි අය බවත්, සිර මැදිරියේ දී හඳුනාගත්තවුන් බවත් හෙළි ව තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරුවන් අද (24) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28