RDA අධ්‍යක්ෂ ජනරාල්වරයා ගැන දුන් තීන්දුවට එරෙහිව ගොනුකළ පෙත්සම විසිවෙයි

2024 වසරේ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් එස්.එම්.පී. සූරිය බණ්ඩාර පත්කිරීමට ගනු ලැබූ තීරණය අහෝසි කරමින් ඉකුත් දා අභියාචනාධිකරණය විසින් දුන් තීන්දුවක් බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු විශේෂ අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (30) නිෂ්ප්‍රභ කළා.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව ඒ.එච්.ඒම්.ඩී නවාස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරය සඳහා එස්.එම්.පී. සූරිය බණ්ඩාර පත් කිරීමට 2024 වසරේ මාර්තු මස 05 වනදා ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් එම අධිකාරියේ සේවය කළ පළ පුරුදු ඉංජිනේරුවරයෙක් වන
කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි අභියාචනාධිකකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළා.

දීර්ඝ විභාගයකින් අනතුරුව ඉකුත් 08 වනදා එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකකරණය අදාළ තනතුර සඳහා 2024 වසරේ මාර්තු මස 05 වන දා සිට බලපැවැත්වෙන පරිදි කේ.ඩබ්ලිව් කණ්ඩම්බි පත් කරන ලෙස ආඥාවක් නිකුත් කර තිබුණා.

එම තීරණය අභියෝගයට ලක් කරමින් වග උත්තරකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා.

එම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි සඳහන් කළේ අභියාචනාධිකකරණයේ මෙම නියෝගය නීතිමය වශයෙන් දෝෂ සහගත බවයි.

එබැවින් එය බල රහිත කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහෙත් කේ.ඩබ්ලිව් කන්ඩම්බි වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම කරුණු දක්වමින් අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ නියෝගය නීත්‍යානුකූල බවත් එය තහවුරු කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ අභියාචනා පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14