PSTA ගැන අධ්‍යයනය කරමින් සිටිනවා – කාදිනල් හිමියන්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කරගැනීමේ පනත සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කරනවා.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් උන්වහන්සේ මෙම අදහස් පළකර සිටියා.

“ප්‍රතිත්‍රස්ත පනත ඇවිල්ලා කලින් තිබුණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවෙන් ගේනව කියන එකක් නේ. මේ පනත ආණ්ඩුව සමාජයට ඉදිරිපත් කරලා තියෙනවා. අපි දැන් ඒක අධ්‍යයනය කරමින් තමයි සිටින්නේ. අපේ නීතිඥයන් මාර්ගයෙන් මේ පනතේ අඩුපාඩු තියෙනවා ද කියලා බලනවා. ඒ නිසා මේ ගැන මම අදහසක් කියන්න වැඩිය කැමැති නැහැ. අධ්‍යයනය ඉවර කරනකන්.”