One Way නීතිය ගාලු කොටුවෙන් ඉවත් කෙරේ

ගාල්ල කොටුව තුළ ක්‍රියාත්මක වූ ‘වන් වේ’ නැතහොත් එක් මංතීරු නීතිය ඉවත් කර තිබෙනවා.

අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නීතිය ඉවත් කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

සංචාරක ගාල්ල කොටුව තුළ එක් දිසාවකට (one way) පමණක් රථ වාහන ධාවනය කිරීමේ නීතිය මීට පෙර ක්‍රියාත්මක වුණා.

එය අද සිට නවතා දැමීමට කටයුතු කර ඇත්තේ ගාල්ල මහනගර සභාවේ රථවාහන කමිටුව විසින්.

මෙම මංතීරු නීතිය නිසා තමන් මහත් අපහසුවට පත්ව ඇතැයි ත්‍රිරෝද රථ රියදුරන්, අධිකරණයට පැමිණෙන ජනතාව, නිතිඥවරු, ව්‍යාපාරිකයින් ඇතුලු මහජනතාව ඉකුත් දිනවල චෝදනා එල්ල ‍කර තිබෙනවා.

එල්ල වූ ජනතා විරෝධය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ද ගාල්ල මහ නගර සභාව පවසනවා.

ඒ අනුව අද සිට ගාලු කොටුවට තුළට පැරැණි කොටු දොරකඩින් සහ නව කොටු දොරකඩින් පෙර පරිදිම වාහන ඇතුල්වීම හා පිටවීම සිදු කළ හැකි බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34