ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයන්ගෙන් තවත් දෙදෙනෙක් ඉල්ලා අස් වී තිබෙනවා.
මේ අතර එම අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයයේ කටයුතු කළ නීතිඥ මනෝජ් ගමගේ ද එම තනතුරෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබෙනවා.
අද (13) දිනයේ සිට තමන් එම තනතුරින් ඉල්ලා අස්වන බවයි නීතිඥ මනෝජ් ගමගේ සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කළේ.













