NDB බැංකුවේ සිදුකරන අභ්‍යන්තර විගණනයන් සම්බන්ධව නියෝගයක්

NDB බැංකුවේ පොදු ලෙජර් ගිණුම හරහා බිලියන 13ක මුදලක් වංචා කිරීමේ සිද්ධියට අදාළව සිදුකරන ලද අභ්‍යන්තර විගණනයේ දී එම බැංකු පද්ධතියේ තිබෙන දත්ත පද්ධතියට හානියක් නොවන ලෙසට කටයුතු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (08) එම බැංකුවට නියෝග කළා.

විමර්ශන කටයුතුවලට අදාළව බැංකු පද්ධතිය තුළ සිදුකරන විගණන කටයුතුවල දී පරිගණකයේ මුල් දත්තවලට හානියක් නොවන ලෙස ලබා ගන්නා බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ අංශයේ නිලධාරීන් විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියෝග කරනු ලැබුවා.

බැංකුවේ මේ වන විට සියලුම අභ්‍යන්තර විගණන වාර්තා සිදුකිරිමක් සිදුකරන බව බැංකුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැක්වූවා.

සිද්ධියට අදාළ බැංකුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කර සිටියේ මෙම විමර්ශනයට අදාළව පූර්ණ සහයෝගය ලබාදීමට කටයුතු කරන බවයි.

මේ වන විට සිද්ධියට අදාළව විමර්ශන කටයුතු සඳහා බැංකුව තුළ තිබූ ලැප්ටොප් පරිගණක දෙකක් සහ ඩෙස්ටොප් පරිගණක තුනක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරනන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල සහ ආවේක්ෂණ අංශයේ නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

සිද්ධියට අදාළව බැංකුවේ තවත් පිරිසකින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අනෙක් පරිගණක අත්අඩංගුවට ගන්නවද නැද්ද යන්න සම්බන්ධයෙන් අධිකරණයටද කරුණු දක්වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

පෞද්ගලික බැංකුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කර සිටියේ බැංකුවේ මුල් දත්ත පද්ධතියට හානියක් නොවන ලෙස අවශ්‍යය විගණන කටයුතු කිරීමට කටයුතු යොදවා ඇති බවයි.

2024 සිට එම පෞද්ගලික බැංකුවේ සිදුව ඇති සියලුම විගණන වාර්තා ගැන විමර්ශනය කර එම අභ්‍යන්තර වාර්තා රැගෙන ඉහළ නිලධාරීන්ගෙන් මෙම වංචාව සම්බන්ධයෙන් අනාවරණය වි තියෙනවා ද යන්න ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙර නඩු දිනයේ දී දන්වා තිබුණා.

තවද මෙම වංචාව සිදුවන අවධියේ බැංකුවේ පරිගණක පද්ධතියේ සියලුම සුපරීක්ෂකවරුන් ඒ සම්බන්ධයෙන් දැන සිටියේද යන්න සම්බන්ධයෙන්ද විමර්ශනය කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙර නඩු දිනයේදී දන්වා තිබුණා.

එසේ විමර්ශනය කර මෙම සිද්ධියට අදාළව සාපරාදී වරදක් සිදුව තිබේනම් එම පුද්ගලයන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44