LTTE යට සහාය පළකළ බවට ගැරී ආනන්දසංගරීට චෝදනා – කැනඩා අගමැති තවමත් ගැරී ගැන විශ්වාසයෙන්

එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයෙකුට කැනඩාවේ පුරවැසිභාවය ලබාගැනීම සඳහා සහාය පළකර ඇති බවට ශ්‍රී ලංකා සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරීට චෝදනා එල්ල වී තිබෙනවා.

එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක් වන සෙන්තුරන් සෙල්වකුමාර් නැමැත්තෙකුට කැනඩාවේ පුරවැසිභාවය ගැනීමට සහය පළ කිරීම සඳහා ගැරී ආනන්දසංගරී විසින් ලිපි දෙකක් යොමු කර ඇති බවයි චෝදනා එල්ල වී ඇත්තේ.

කැනේඩියානු දේශ සීමා නියෝජිත ආයතනය වෙත අදාළ ලිපි 2016 සහ 2023 යන වසරවල දී යොමුකර ඇති බව සඳහන්.

අදාළ පුද්ගලයා එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ බව එරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරගෙන ඇති අතර, ඒ හේතුවෙන් අවස්ථා කිහිපයකදීම අදාළ අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

මානුෂීය කරුණු පිළිබඳ සලකා බලා සෙන්තුරන් සෙල්වකුමාර්ට කැනඩාවේ නිත්‍ය පුරවැසිභාවය ලබාදීමට පියවර ගන්නා ලෙසයි ගැරී ආනන්දසංගරී අදාළ ලිපි මගින් ඉල්ලීම් කර ඇති බව සඳහන්.

ඒ අනුව ත්‍රස්ත සංවිධානයක සමාජිකයෙකුට සහාය ලබාදීම තුළින් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ගැරී ආනන්දසංගරී ත්‍රස්තවාදයට සහය පළ කිරීමක් සිදුකර ඇති බවයි ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවල දැක්වෙන්නේ.

මේ අතර මෙම චෝදනා සම්බන්ධයෙන් කැනේඩියානු මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ නඩුවක් විභාග වන බැවින් ඒ පිළිබඳ නිශ්චිත කරුණු දැක්වීමක් සිදුකළ නොහැකි බවයි.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙ අදහස් දක්වා සිටි කැනඩා අගමැති මාර්ක් කාර්නි සඳහන් කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා කෙරෙහි තමාට තවමත් විශ්වාසයක් ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00