LPL අවසන් පූර්ව වටයට අවසන් අසුන වෙන් කරගන්නේ කවුද ? – තීරණය අද

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තරග අදින් (16) අවසන් වනවා.

ඒ අද පස්වරු 7ට කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී කොළොම්බු ස්ට්‍රයිකර්ස් සහ දඹුල්ල සික්සර්ස් අතර පැවැත්වෙන තරගයත් සමගයි.

මූලික වටයේ තරග ගොන්නට එක් කණ්ඩායමක් තරග 08ක් ක්‍රීඩා කළ යුතු වනවා.

මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ තමන් මුහුණ දුන් තරග 08න් 05ක් ජය ගනිමින් ලකුණු 10ක් හිමි කරගනිමින් ගෝල් මාර්වලස් පළමු තැනත්; දෙවැනි තැන ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමත් පසුවනවා.

තෙවැනි තැන සහ පස්වැනි තැන පසුවන්නේ පිළිවෙළින් කොළොම්බු කණ්ඩායම සහ දඹුලු කණ්ඩායමයි.

මෙම කණ්ඩායම් දෙකම මේ වනවිට තරග 07 බැගින් ක්‍රීඩා කර ඇති අතර පිළිවෙළින් තරග 04ක් සහ 02ක බැගින් ඔවුන් ජයග්‍රහණය කර තිබෙනවා.

අද ජයග්‍රාහී කණ්ඩායම කවරෙකු වුව ද, අවසන් පූර්ව වටයට යාමට කණ්ඩායම් හතරක් සුදුසුකම් ලබන අතර මේ වනවිටත් කණ්ඩායම් දෙකක් (ගෝල් මාර්වලස් සහ ජැෆ්නා කින්ග්ස්) වේලාසනින් ම ඊට සුදුසුකම් ලබා අවසන්.

ඒ අනුව අද තරගය දඹුලු කණ්ඩායමට අතිශය වැදගත් වන අතර; ඔවුන් කොළොම්බු කණ්ඩායම පරාජයට පත් කරන්නේ නම්; එය දැවැන්ත සාමාන්‍ය අගයක් රඳවා තබා ගනිමින් සිදු කළ යුතු වනවා.

එසේ නැතහොත් මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියෙන් ඉවතට විසි වන පළමු කණ්ඩායම වීමෙ අවස්ථාව දඹුල්ලට හිමි වනු ඇති.

හදිසියේ හෝ දඹුල්ල කණ්ඩායම දැවැන්ත ලකුණු පරාසයකින් කොළඹ කණ්ඩායම පරාජයට පත් කළහොත් මේ වනවිට ප්‍රසාද ලැයිස්තුවේ සිව්වැනි තැන සිටින කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමාට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39