එළෙඹෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්නාම තානාපති ලෙස ඕස්ට්‍රේලියානු හිටපු විශිෂ්ට ක්‍රීඩක මයිකල් ක්ලාක් නම්කර තිබෙනවා.
මේ බව දන්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (26) විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
මෙම නව පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මයිකල් ක්ලාක් පවසා සිටියේ, “මම ක්‍රීඩා කිරීමට ප්‍රියකරන රටක් ශ්‍රී ලංකාව කියන්නේ. ඒ සඳහා නැවත පැමිණීමට මම නොයිවසිල්ලෙන් බලා සිටිනවා.” යනුවෙන්.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 05 වන දියයර එළෙඹෙන ජූලි 01 වනිදා සිට 21 වනදා දක්වා පැවැත්වීමට සැකසුම්කර තිබෙනවා.














