IPL පිටිය උඩුයටිකුරු වෙද්දී ලංකාවේ 04 දෙනෙක්ට කණ්ඩායම් අහිමි වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීගයේ 2026 තරග වාරය සඳහා කණ්ඩායම්වල රඳවා ගන්නා ක්‍රීඩකයින් කවුරුන්ද යන වග මේ වන විට එම කණ්ඩායම් මඟින් නිවේදනය කරමින් පවතිනවා.

එම නිවේදනයන්ට අනුව ඉන්දීය ප්‍රිමියර් ලීගයේ කණ්ඩායම් වෙනුවෙන් නම් දරා සිටි ඉන්දීය ක්‍රීඩකයින් මෙන්ම විදේශීය ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ටම සිය කණ්ඩායම් අතහැර යාමට සිදුව තිබෙනවා.

ඒ අතරින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ සිටි රවින්ද්‍ර ජඩේජා, රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට බඳවා ගැනීම සහ රාජස්තාන් රෝයල්ස් කණ්ඩාමේ නායකයා ලෙස කටයුතු කළ සංජු සැම්සන්, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එක්වීම ක්‍රිකට් ලෝලීන්ගේ වැඩිම අවධානයක් හිමි වූ ක්‍රීඩක හුවමාරුව වනවා.

කෙසේ වෙතත් මෙලෙස ක්‍රීඩකයින් මුදා හැරීම සහ රඳවා තබා ගැනීම මත ගිය වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීගය ක්‍රීඩා කළ මෙරට ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ට කණ්ඩායම් අහිමිව ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතිෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මුදාහැර ඇති අතර රාජස්තාන් රෝයල්ස් කණ්ඩාමේ සිටි ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් වන වනිඳු හසරංග සහ මහීෂ් තික්ෂන ද එම කණ්ඩායම විසින් මුදා හැර ඇති බවයි වර්තා වන්නේ.

එමෙන්ම ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ගිය තරගවාරයේ ක්‍රීඩාකළ දසුන් ශානකද එම කණ්ඩායමෙන් මුදා හැර තිබෙනවා.

ඒ අනුව මෙරට ක්‍රීඩකයින් සිව් දෙනෙක්ට තම කණ්ඩායම් අහිමි වී ඇති අතර ඔවුන්ට මෙම තරගාවලිය ක්‍රීඩා කිරීමට අවැසි නම් වෙනත් කණ්ඩායම්වලින් ගිවිසුම්ගත කරගන්නා තෙක් හෝ වෙන්දේසියේදී මිලදී ගන්නා තෙක් බලා සිටීමට සිදු වනවා.

මීට අමතරව ගිය තරගවාරයේ දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකළ කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග මෙන්ම ශ්‍රී ලංකා වේග පන්දුයවන්නන් වන දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ දුෂ්මන්ත චමීර සහ රෝයල්ස් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නුවන් තුශාරව ද සිය කණ්ඩායම තුළ තව දුරටත් රඳවා තබා ගැනීමට එම කණ්ඩායම් තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
30
+1
16
+1
54
+1
15
+1
16
+1
6
+1
10
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට වඩා එහා ගිය හොරකමක් මේ ආණ්ඩුව කරනවා
08:59
Video thumbnail
භාණ්ඩාගාරයේ තියෙන Unlimited සල්ලිවලින්ද සහන දෙන්නේ..එකෙක් ත්‍රිකුණාමලයේ ගිහින් මල්වතු ඔය හොයනවා
15:07
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44


?