ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය විසින් සංවිධානය කරන INTERNATIONAL HUMANITY AWARD 2026 සම්මාන රාත්‍රිය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත් වුණා.
මෙරට මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් කටයුතු කළ විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයින් සහ ආයතන මෙම සම්මාන රාත්‍රියේ දී ඇගයීමට ලක් කෙරුණා.
එහිදී ප්‍රවෘත්ති වාර්තාකරණයේ දී මෙන්ම, සමාජයේ උන්නතිය වෙනුවෙන් සිදුකරන මෙහෙවර වෙනුවෙන් සහ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් සිදුකරන සුවිශේෂී මෙහෙවර වෙනුවෙන්, දසත සිසාරා විශ්වාසයේ සන්නාමය “දසත නිවුස්” විශේෂ රන් සම්මානයට පාත්‍ර වුණා.
සමාජ සාධාරණත්වය වෙනුවෙන් සහ මානව හිමිකම් වෙනුවෙන් සෑම අවස්ථාවකම නොබියව පෙරමුණට එන “දසත නිවුස්” පිදුම් ලැබූ මෙම සම්මානය, දසත සිසාරා විහිදී ඇති විශ්වාසයේ සන්නාමය කෙරෙහි සුවහසක් ප්‍රේක්ෂක, පාඨක ඔබ තබා ඇති විශ්වාසයට තවත් එක් සාක්ෂියක්.
INTERNATIONAL HUMANITY AWARD 2026 සම්මාන උළෙලේ දී මෙරට මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් කටයුතු කරන තවත් විශේෂ පුදගලයින් රැසක් ද සම්මානයට පාත්‍ර කෙරුණා.
එහිදී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙම සම්මාන උළෙලේ දී විශේෂ රන් සම්මානයෙන් පිදුම් ලැබූවා.
හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ශ්‍රී ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතා ද මෙහිදී සම්මානයට පාත්‍ර වුණා.
එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා ද, ජනප්‍රිය කලා ශිල්පී නීල් වර්ණකුලසූරිය මහතා ද INTERNATIONALHUMANITY AWARD 2026 සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වූ අතර, ශ්‍රී ලංකා පොලිසිය, මහජනතාව සහ මෙරට පාසල් ප්‍රජාව අතරට ගෙන යෑම වෙනුවෙන් සිදුකරන මෙහෙවර වෙනුවෙන් පොලිස් පරීක්ෂක ශාස්ත්‍රපති, වරලත් මනෝ විද්‍යා උපදේශක මදුමාල් ගමගේ මහතා ද මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබුවා.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් කටයුතු කරන විවිධ ක්ෂේත්‍රවල නියැලී සිටින තවත් පුද්ගලයින් රැසක් සහ ආයතන රැසක් INTERNATIONAL HUMANITY AWARD 2026 සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වුණා.













