spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

IMF මුදල් ලැබෙන හැටි මුදල් රාජ්‍ය ඇමති කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහය ලබාදීමට ගත් තීරණයත් සමග ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය විශ්වාසය තහවුරු කර ගත් රටක් බවට පත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙම විශ්වාසය දිනා ගැනීම සඳහා සිදු කළ ජාත්‍යන්තර ආර්ථික මෙහෙයුම වෙනුවෙන් ජනාධිපතිවරයාට ස්තුතිය පළ කළ යුතු බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් එකගත්වයත් සමග ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව මගින් තවත් ඩොලර් බිලියන 7ක පමණ මුදලක් ලබා දීමට සූදානමින් සිටින බව ද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් මෙම ණය පහසුකම සමග ඔවුන් සමග ඇති කර ගත් එකඟතා රැක ගැනීම රජයේ වගකීම බවයි ඔහු සඳහන් කළේ.

දිළඳු ජනතාව ආරක්ෂා කර ගැනීම, බැංකු පද්ධතිය ස්ථාවරව පවත්වාගෙන යාම, මූල්‍ය විනය සහ බදු ප්‍රතිපත්තීන් ආරක්ෂා කිරීම එම එකඟතා අතර වනවා. ඒවා රටක් ලෙස ඉටු කළ යුතු වගකීම් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඉදිරි දින කිහිපය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ණය කොටසේ පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 300කට අධික මුදලක් ලැබීමට නියමිත අතර එම මුදල මහ බැංකුවේ ඩොලර් ගිණුම වෙත ලැබීමෙන් අනතුරුව භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයාගේ ගිණුම වෙත බැර වනවා.

එම මුදල් මගින් අයවැය හිඟය පියවා ගැනීමට ද හැකිවීම විශේෂත්වයක් බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?