IMF මුදල් ලැබෙන හැටි මුදල් රාජ්‍ය ඇමති කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහය ලබාදීමට ගත් තීරණයත් සමග ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය විශ්වාසය තහවුරු කර ගත් රටක් බවට පත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙම විශ්වාසය දිනා ගැනීම සඳහා සිදු කළ ජාත්‍යන්තර ආර්ථික මෙහෙයුම වෙනුවෙන් ජනාධිපතිවරයාට ස්තුතිය පළ කළ යුතු බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් එකගත්වයත් සමග ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව මගින් තවත් ඩොලර් බිලියන 7ක පමණ මුදලක් ලබා දීමට සූදානමින් සිටින බව ද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් මෙම ණය පහසුකම සමග ඔවුන් සමග ඇති කර ගත් එකඟතා රැක ගැනීම රජයේ වගකීම බවයි ඔහු සඳහන් කළේ.

දිළඳු ජනතාව ආරක්ෂා කර ගැනීම, බැංකු පද්ධතිය ස්ථාවරව පවත්වාගෙන යාම, මූල්‍ය විනය සහ බදු ප්‍රතිපත්තීන් ආරක්ෂා කිරීම එම එකඟතා අතර වනවා. ඒවා රටක් ලෙස ඉටු කළ යුතු වගකීම් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඉදිරි දින කිහිපය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ණය කොටසේ පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 300කට අධික මුදලක් ලැබීමට නියමිත අතර එම මුදල මහ බැංකුවේ ඩොලර් ගිණුම වෙත ලැබීමෙන් අනතුරුව භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයාගේ ගිණුම වෙත බැර වනවා.

එම මුදල් මගින් අයවැය හිඟය පියවා ගැනීමට ද හැකිවීම විශේෂත්වයක් බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.23
00:00
Video thumbnail
නවුෆර් මවුලවි ඇතුළු වරදකරුවන් බන්ධනාගාරයට යද්දී වුණ දේ..
01:32
Video thumbnail
වසර 220කට වැඩි සිර දඬුවම් නියම වූ පාස්කු වරදකරුවන් 15 දෙනාවම බන්ධනාගාරයට රැගෙන ගිය හැටි
00:40
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53