IMF නියෝජිතයන් ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා.

මෙම නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයා සමග වත්මන් ආර්ථික තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි සඳහන්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා ලෙසට ශ්‍රී ලංකාව හා ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් ආබෲ මහතා කටයුතු කරනවා.

ඔවුන් ජනාධිපතිවරයා සමග සිදු කළ සාකච්ඡාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මෙන්ම මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුලු පිරිසක් එක්වුණා.

මේ අතර මෙම නියෝජිත පිරිසගේ සංචාරයට හෙට දිනයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් ද එක්වීමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම සම්බන්ධ පළමු ඇගයීම ලබන සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට නියමිත අතර ඒ වෙනුවෙන් ජුනි මාසයේ දත්ත පදනම් කර ගැනෙනු ඇති.

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 29ක ණය පහසුකම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේදීයි.

එක් එක් අධියර සඳහා පසු විපරම් ක්‍රියාවලියකින් අනතුරුව වාරික 4කින් සමන්විත එම ණය මුදල ලබාදෙනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12