IMF දෙවැනි වාරිකය ලබාගැනීමේ සාකච්ඡා ධනාත්මකයි – ෂෙහාන් සේමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබාගැනීමේ සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතින බවත්, රජය දැනට සිදුකර තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්ව තිබෙන බවත් වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

එමෙන්ම දෙවැනි වාරිකය ලබාගැනී‍ම සඳහා සම්පූර්ණ කළ යුතු කාර්ය මණ්ඩල එකඟතාව ලබාගැනීමේ සාකච්ඡා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජර්මන් නිල සංචාරයෙන් පසුව සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෂෙහාන් සේමසිංහ,

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම සමඟ තීරණාත්මක සාකච්ඡාවක් සිදුකරනු ලැබුවා. ඔවුන් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂ ඇගයීමක් සිදු කළා. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත්භාවය ඇතිකිරීම සඳහා මෙතෙක් ගෙන තිබෙන ප්‍රතිසංස්කරණ ඔවුන්ගේ විශේෂ ඇගයීමට ලක්ව තිබෙනවා. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබාගැනීම වෙනුවෙන් සම්පූර්ණ කළ යුතුව තිබෙන කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණිය යුතුව තිබෙනවා.
කාර්ය මණ්ඩල එකඟතාව ලබා ගැනීමේ සාකච්ඡා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මන් සංචාරය නිමා කර මෙරටට පැමිණීමෙන් පසුව සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.ඒ වගේම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඔවුන් සමඟ තවදුටත් සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ධනාත්මක සමාලෝචනයක් සිදුකර තිබෙනවා. කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණීමෙන් පසුව ඉදිරි වැඩකටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට හැකිවනු ඇතැයි කියා අප විශ්වාස කරනවා.
පසුගිය වසරට සාපේක්ෂව මෙරට රාජ්‍ය ආදායම සියයට 43 ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමේදී බදු අයකර ගැනීමේ ක්‍රියාවලිය ඉතා වැදගත් වෙනවා.වත්මන් බදු දැල තුළ සිටින කණ්ඩායමට අමතරව, බදු ගෙවිය යුතු පිරිස් සම්බන්ධයෙනුත් අවධානය යොමු කරනවා. මෙරට රාජ්‍ය බදු ආදායම සම්බන්ධයෙනුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුව තිබෙනවා.
ඒ වගේම නව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී මෙරට ජනතාව කටයුතු කරන ආකාරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්ව තිබෙනවා.දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන මේ වෙන විට බොහෝ දුරට සම්පූර්ණ කර තිබෙනවා. ඒ වගේම විදේශීය ණය සම්බන්ධයෙන් සාකච්ඡා සියලුම ණය හිමියන් සමඟ දැනටමත් සිදු කෙරෙමින් පවතිනවා. විදේශීය ණය ප්‍රශස්තකරණ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව හුදකලා කර තිබෙන බවට ඇතැම් කණ්ඩායම් ප්‍රකාශ කරනවා. නමුත් විදේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ කිසිම රටක් අපට සහයෝගය ලබා නොදෙන බව ප්‍රකාශ කර නැහැ. එම රටවල් ධනාත්මක ලෙස අපත් සමඟ එම සාකච්ඡාවල නිරතව සිටිනවා. දේශීය ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් වීමෙන් පසුව විදේශීය ණය ප්‍රශස්තකරණ කටයුතු කඩිනමින් අවසන් කිරීමට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා.
මේ පිළිබඳ කිසිවෙකු සෘණාත්මක හැඟීමක් ඇති කරගත යුතු නැහැ. මීට වසරකට පෙර මේ රටේ පැවති ආර්ථික තත්ත්වයට වඩා මේ වසරේ අප ඉහළ මට්ටමකට පැමිණ සිටිනවා. එදා 70%ක්ව තිබූ උද්ධමනය අද 1. 3%ක දක්ව පහළ බැස තිබෙනවා. උද්ධමනය අඩු වීම රටේ ආර්ථිකයට විශාල ශක්තියක් බවට පත්ව තිබෙනවා.පසුගිය වසරේ දේශීය වෙළෙඳ පොළේ භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතය 30%ක මට්ටමක පැවතුණා.අද වන විට එය 13% ක ප්‍රමාණයක් දක්වා අඩු වී තිබෙනවා. එම අඩු වීම මහා භාණ්ඩාගාරයටත් විශාල ශක්තියක් බව කිවයුතුයි.
අද මෙරට විදෙස් සංචිත ප්‍රමාණයත් ඉහළ ගොස් තිබෙනවා. සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණීමට පටන් ගෙන තිබෙනවා. ඒ වගේම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ සාමාන්‍ය පරිදි ලැබෙන්න පටන් ගෙන තිබෙනවා. රටේ ආර්ථික දියුණුවත් සමග මේ වසරට වඩා එළැඹෙන වසරේ ආර්ථික වර්ධන මාර්ග සිතියම කිසිදු බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාමට සැලසුම් සකස් කර තිබෙනවා. රටක් ලෙස තිරසර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ යුතුයි. අප සෑම අවස්ථාවක ධනාත්මකව සිතිය යුතුයි. මීට වසර 20කට පෙර සිදුකළ යුතුව තිබූ මෙ‍රට ආර්ථික ප්‍රතිසංස්කරණ දැන් සිදුවෙමින් පවතිනවා. ලෝකයේ කුඩා රටවල් දියුණු වුණේ මෙවැනි ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමෙන් පමණයි.
රටක් ලෙස මුහුණදීමට සිදුවු අසීරු කාලය අප දැන් පසුකරමින් සිටින බව කිවයුතුයි. ජනාධිපතිතුමා ගෙන යන මෙම ආර්ථික ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ මේ ආකාරයෙන්ම ඉදිරියට පවත්වාගෙන ගියහොත් ස්ථීර ලෙසම අනාගතයේදී ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගිය හැකියි.පටු දේශපාලන වාසි ලබාගැනීමේ උත්සාහයන්හි නිරතව සිටින කණ්ඩායම්වලට මේ රටේ ආර්ථිකය ශක්තිමත් වීම සුබවාදී නොවිය හැකියි. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමෙන් පසුව 2024 වසරේ සුබවාදී ආර්ථිකයක් කරා රට ගෙන යාමට හැකියාව ලැබෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුනිල් වටගල කෝටි 45ක පමණ ලක්සිරි නිවසක් මිලදීගෙන ?..චෝදනා කරද්දි දෙපාරක් හිතලා කරන්න
03:16
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20