spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

IMF එකඟතාව කඩිනමින්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට කඩිනමින්ම එළඹිය හැකි බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

මොරොක්කෝවේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු වාර්ෂික රැස්වීම්වලදී මෙරට ආර්ථිකයේ ප්‍රකෘත්තිය මෙන්ම තිරසරභාවය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.

එම කටයුතු වඩාත් වේගවත් කිරීමට අවශ්‍ය සහාය වැඩි කර ගැනීම පිළිබද එම සාකච්ඡාවලදී ප්‍රමුඛත්වය ලැබුණු බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ද මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා. බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමග පැවති සාකච්ඡාවකදී ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ චීනය / ඉන්දියාව / පැරිස් සමාජය මෙන්ම විදේශීය බැදුම්කර හිමියන් වෙත ගෙවිය යුතු ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කොන්දේසි එකග කර ගැනීම පිළිබදව ද අවසන් සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බවයි.

චීන එක්සිම් බැංකුව සමග තාවකාලික කොන්දේසිවලට එකගවීමෙන් පසු මේ වන විට අවධානය යොමුව ඇත්තේ 20%ක කප්පාදුවක් සහ නව යෝජනා ඉදිරිපත් කළ අනෙකුත් නිල ණය හිමියන් සමග සාකච්ඡා කර එකඟතාවකට පැමිණි බව ද ශෙහාන් සේමසිංහ මහතා සිය ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?