IMF ණය මුදලින් ඉන්දීය ණය වාරික පියවයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දුන් අමෙරිකානු ඩොලර් මිලියන 330ක් වූ විස්තීරණ ණය මුදලේ පළමු වාරිකය ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ වාරිකය ගෙවීමට යොදා ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමෙරිකානු ඩොලර් මිලියන 121ක් වූ අදාළ වාරිකය ඊයේ දින ගෙවා දැමූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙන මෙවැනි ණය සාමාන්‍යයෙන් බැර වන්නේ මහ බැංකුවේ ගිණුම වෙතටයි.

නමුත් මෙවර අදාළ ණය මුදල භාණ්ඩගාර නියෝජ්‍ය ලේකම්වරයාගේ ගිණුමට බැර කළ හැකි ලෙස ලබා දී ඇති බැවින් එය ණය ස්ථායිකරණයට යොදා ගත හැකි බවයි සියඹලාපිටිය මහතා පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?