සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ICC සම්මානය කමිඳුට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමන සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට හිමිව තිබෙනවා.

සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ඔහුට අමතරව ප්‍රභාත් ජයසූරිය සහ ඕස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් නිර්දේශ වී සිටියා.

කමිඳු මෙන්ඩිස්ට මෙම වසරේ මාර්තු මාසයේදී; මාර්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි අයි.සී.සී සම්මානය හිමිකර ගැනීම ද විශේෂත්වයක්.