ක්‍රීඩකයොන්ට උසස් වීම් හිමිවුණ – ස්ථාන අහිමි වුණ ICC නවතම යාවත්කාලීන කිරීම

ජාත්‍යන්තර එක්දින තරග පිටියේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි නවතම යාවත්කාලීන කිරීම් පෙරේදා (29) සිදු කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසිනුයි මෙම සංශෝධනය ඉදිරිපත් කර ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින කණ්ඩායම් අතර හිමිව ඇත්තේ 07 වැනි ස්ථානයයි.

මෙහි වැඩි වාසියක් අයර්ලන්තයට හිමිව තිබෙනවා.

අයර්ලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායම ස්ථානයකින් ඉදිරියට පැමිණීමට සමත් ව ඇති අතර ඔවුන් 11 වැනි ස්ථානය හිමිකර ගෙන තිබෙනවා.

එක්දින පිටියේ විශිෂ්ටතම කණ්ඩායම බවට ඉන්දියාව පත්ව ඇත්තේ එක්දින තරග 45කින් ලකුණු 5298ක් හිමිකරගනිමින්.

දෙවැනි තැන ඔස්ට්‍රෙලියාවටත් තෙවැනි තැන පාකිස්තානයටත් හිමිව තිබෙනවා.

මේ අතර එක්දින පිතිකරණ ලැයිස්තුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිස්සංක 07 වැනි තැනත් චරිත් අසලංක 12 වැනි ස්ථානයත් හිමිකරගෙන සිටිනවා.

මෙම ලැයිස්තුවේ පළමු තැන පාකිස්තානයේ බාබර් අසාම්ටත් දෙවැනි හා තුන්වැනි තැන ඉන්දියාවේ රෝහිත් ෂර්මා හා ශුබ්මන් ගිල් විසිනුත් දිනාගෙන තිබෙනවා.

එමෙන්ම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි එක් ස්ථානයක් ඉහළට ඒමට ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්ට හැකි ව තිබෙනවා.

මෙම වසරේ දී සංචාරක නවසීලන්තයට එරෙහිව දැක්වූ පිතිකරණ දක්ෂතාවෙන් කමිඳු ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි මුල් දසදෙනා අතරට පැමිණ ඇත්තේ සිය ස්ථානය 09 බවට පත් කරගනිමින්.

ටෙස්ට් පිටියේ පිතිකරුවන්ගෙන් හොඳම තිදෙනා ලෙස එංගලන්තයේ ජෝයි රූට්, නවසීලන්තයේ කේන් විලියම්සන් සහ ඉන්දියාවේ යශස්වි ජයිස්වාල් පත් ව සිටිනවා.

එමෙන්ම පන්දුවාර 20 ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි හොඳම දසදෙනා අතරට එක් ශ්‍රී ලංකා පිතිකරුවෙකු ද එක් ව සිටිනවා.

ඒ පැතුම් නිස්සංකයි.

පැතුම් මෙම ලැයිස්තුවේ 08 වැනියා වී ඇති අතර කුසල් මෙන්ඩිස් 12 වැනියා බවට පත්ව තිබෙනවා.

ට්‍රාවිස් හෙඩ් මෙම ලැයිස්තුවේ මුලසුන තවමත් හොබවනවා.

එමෙන්ම ලෝක ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි මුල් දස දෙනා අතරට කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට පැමිණීමට හැකියාවක් ලැබී නැහැ.

එම ලැයිස්තුවේ සිටි එකම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා වන ධනංජය ද සිල්වා ද ස්ථාන 03කින් පහතට වැටී ඇත්තේ සිය ස්ථානය 20 බවට පත් කරගනිමින්.

එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හි මහීෂ් තීක්ෂණ එක් ස්‍ථානයකින් ද වනිඳු හසරංග ස්ථාන දෙකකින් ද ඉදිරියට පැමිණ තිබෙනවා.

මහීෂ් 12 වැනි ස්ථානයත් වනිඳු 16 වැනියාත් වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40