spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Google සමාගම කළ ‘තර්ජනය’

ප්‍රවෘත්ති පළ කරන සමාගම්වලට Google සහ Facebook වැනි සමාගම් කර්තෘ භාගය ගෙවිය යුතු බවට ඔස්ට්‍රේලියානු රජය‌ පැනවීමට උත්සහ දරන නීතිය හේතුවෙන් ගූගල් සමාගම එරටට අනතුරු ඇඟවීමක් කර තිබේ.

මෙම නීතිය ක්‍රියාත්මක කළහොත් එවැනි නීතියක් ක්‍රියාත්මක කළ ලොව පළමු රට බවට ඔස්ට්‍රේලියාව පත් වනු ඇත.

එහෙත් ඊට විරෝධය පළ කරන අදාළ ඇමෙරිකානු සමාගම් අනතුරු අඟවා ඇත්තේ, සිය ඇතැම් සේවා ඔස්ට්‍රේලියාව තුළ අත්හිටුවන බවටය.

කෙසේ වෙතත්, සිය පාර්ලිමේන්තු නියෝජිතයින් ‘තර්ජනවලට’ බිය නැතැයි අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසා තිබේ.

යම් හෙයකින් මෙම නීතිය ක්‍රියාත්මක වුවහොත් සෙසු රටවලට මෙය අත්හදාබැලීමක් වනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති.

ඒ හරහා දැවැන්ත සමාගම් නියාමනය කිරීමට රජයයන්ට අවස්ථාවක් හිමි වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔස්ට්‍රේලියාවේ ගූගල් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ මෙල් සිල්වා පැවසුවේ, අදාළ නීති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි ඒවා බවය.

ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මෙම නීතිය ක්‍රියාත්මක කළහොත් ඔස්ට්‍රේලියාව තුළ ගූගල් සෙවුම් යාන්ත්‍රණය (Google Search) නතර කරනවා හැර වෙනත් විකල්පයක් නොමැති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?