Google සමාගම කළ ‘තර්ජනය’

ප්‍රවෘත්ති පළ කරන සමාගම්වලට Google සහ Facebook වැනි සමාගම් කර්තෘ භාගය ගෙවිය යුතු බවට ඔස්ට්‍රේලියානු රජය‌ පැනවීමට උත්සහ දරන නීතිය හේතුවෙන් ගූගල් සමාගම එරටට අනතුරු ඇඟවීමක් කර තිබේ.

මෙම නීතිය ක්‍රියාත්මක කළහොත් එවැනි නීතියක් ක්‍රියාත්මක කළ ලොව පළමු රට බවට ඔස්ට්‍රේලියාව පත් වනු ඇත.

එහෙත් ඊට විරෝධය පළ කරන අදාළ ඇමෙරිකානු සමාගම් අනතුරු අඟවා ඇත්තේ, සිය ඇතැම් සේවා ඔස්ට්‍රේලියාව තුළ අත්හිටුවන බවටය.

කෙසේ වෙතත්, සිය පාර්ලිමේන්තු නියෝජිතයින් ‘තර්ජනවලට’ බිය නැතැයි අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසා තිබේ.

යම් හෙයකින් මෙම නීතිය ක්‍රියාත්මක වුවහොත් සෙසු රටවලට මෙය අත්හදාබැලීමක් වනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති.

ඒ හරහා දැවැන්ත සමාගම් නියාමනය කිරීමට රජයයන්ට අවස්ථාවක් හිමි වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔස්ට්‍රේලියාවේ ගූගල් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ මෙල් සිල්වා පැවසුවේ, අදාළ නීති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි ඒවා බවය.

ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මෙම නීතිය ක්‍රියාත්මක කළහොත් ඔස්ට්‍රේලියාව තුළ ගූගල් සෙවුම් යාන්ත්‍රණය (Google Search) නතර කරනවා හැර වෙනත් විකල්පයක් නොමැති බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11