F-16 අනතුරෙන් යුක්‍රේන ගුවන් හමුදා ප්‍රධානියා නෙරපයි

යුක්‍රේනයේ F-16 ප්‍රහාරක ජෙට් යානාවක් විනාශ කිරීම පිළිබඳ විවාදයක් මධ්‍යයේ ජනාධිපති ව්ලදිමීර් සෙලෙන්ස්කි විසින් යුක්රේනයේ ගුවන් හමුදාපති ලුතිනන් ජෙනරාල් මයිකොලා ඔලෙෂ්චුක් නෙරපා හැර තිබෙනවා.

ගුවන් හමුදාපති සේවයෙන් පහ කිරීමට හේතුවක් මෙතෙක් දන්වා නොමැති අතර ජනාධිපතිවරයා පවසා ඇත්තේ “අපගේ සියලුම රණශූරයන් රැකබලා ගැනීම” තම වගකීම බවයි.

යුක්‍රේනයේ බටහිර සහචරයන් විසින් ලබා දුන් එක්සත් ජනපදයේ නිෂ්පාදිත F-16 ප්‍රහාරක ජෙට් යානාවලින් එකක් රුසියානු මිසයිල ප්‍රහාරයක් අතරතුර බිමට වැටී එහි සිටි ගුවන් නියමුවා මිය ගොස් තිබුණා.

යානය කඩා වැටීමට හේතුව සතුරු ප්‍රහාරයක සෘජු ප්‍රතිඵලයක් නොවන බවයි යුක්‍රේනය ප්‍රකාශ කරන්නේ.

ඒ අනුව යුක්‍රේනයේ ගුවන් හමුදාවේ අන්තර්වාර අණදෙන නිලධාරියා ලෙස ලුතිනන් ජෙනරාල් ඇනටෝලි ක්‍රිවොනොෂ්කෝ පත් කළ බව හමුදා ප්‍රධාන කාර්ය මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඔහු මීට පෙරින් මධ්‍යම ගුවන් විධානයන් අධීක්‍ෂණය කළ අතර රට මධ්‍යයේ මෙහෙයුම් සිදු කර තිබෙනවා.

2022 පෙබරවාරි මාසයේ දී රුසියාව සිය ආක්‍රමණය දියත් කළ දා සිට යුක්‍රේන ජනාධිපතිවරයා විසින් හමුදාපතිවරුන් කිහිප දෙනෙකුම සේව‍යෙන් පහකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56