spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Express pearl ප්‍රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස එහි විත්ති පාර්ශ්වය විසින් මතු කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අදාල නෞකාවේ දේශීය නියෝජිත සමාගම වූ සී කොන්සෝටියම් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (12) දින තීන්දු කළා.

අදාල ප්‍රතිශෝධන පෙත්සම පිළිබඳව කරුණු සලකා බැලීමෙන් අනතුරුව සම්පත් අබේකෝන් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාදීකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

අදාල නෞකාව ගිනි ගනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි රුසියානු ජාතික කපිතාන්වරයා වන ටියුට් කාලෝ විටැලි ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට එරෙහිව සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා.

එම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මූලික විරෝධතා මතු කළ ද එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළා. එම තීන්දුවට එරෙහිව විත්ති පාර්ශ්වය විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමේදී මහාධිකරණ විනිසුරුවරයා නිවැරදි ආකාරයෙන් කටයුතු කර ඇති බව කියා සිටියා.

ඒ අනුව, බැලූ බැල්මටම මෙම නඩුකරයට මැදිහත්වීමට නීතිමය පදනමක් අනාවරණය නොවන හෙයින් නොතිසි නිකුත් කිරීමකින් තොරවම අදාළ ප්‍රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරු මඩුල්ල සිය තීන්දුවේ සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?