Express pearl ප්‍රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස එහි විත්ති පාර්ශ්වය විසින් මතු කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අදාල නෞකාවේ දේශීය නියෝජිත සමාගම වූ සී කොන්සෝටියම් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (12) දින තීන්දු කළා.

අදාල ප්‍රතිශෝධන පෙත්සම පිළිබඳව කරුණු සලකා බැලීමෙන් අනතුරුව සම්පත් අබේකෝන් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාදීකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

අදාල නෞකාව ගිනි ගනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි රුසියානු ජාතික කපිතාන්වරයා වන ටියුට් කාලෝ විටැලි ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට එරෙහිව සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා.

එම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මූලික විරෝධතා මතු කළ ද එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළා. එම තීන්දුවට එරෙහිව විත්ති පාර්ශ්වය විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමේදී මහාධිකරණ විනිසුරුවරයා නිවැරදි ආකාරයෙන් කටයුතු කර ඇති බව කියා සිටියා.

ඒ අනුව, බැලූ බැල්මටම මෙම නඩුකරයට මැදිහත්වීමට නීතිමය පදනමක් අනාවරණය නොවන හෙයින් නොතිසි නිකුත් කිරීමකින් තොරවම අදාළ ප්‍රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරු මඩුල්ල සිය තීන්දුවේ සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02