ETF අරමුදලේ මුදල්‌ ප්‍රේෂණය ලබන වසරේ සිට ඔන්ලයින් ක්‍රමයට

පෞද්ගලික අංශයේ සේවකයන් ලක්ෂ 28ක් සාමාජිකත්වය දරණ සේවා නියුක්තියන්ගේ භාර අරමුදලට (ETF) දායකත්ව මුදල්‌
ප්‍රේෂණය කිරීම ලබන වසරේ පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ (Online) පමණක් සිදුකළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි.

සේවකයන් 15 දෙනෙකුට වඩා සේවය කරන ආයතනවල සේවා යෝජකයන් අදාළ ගෙවීම සිදුකිරීම සහ මාසික වාර්තා ඉදිරිපත් කිරීම ද මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ සිදුකළ යුතු වනවා.

මෙම ක්‍රමවේදය ඔස්සේ සේව්‍ය පාර්ශ්වයට වඩාත් පහසුවෙන් සිය සේවකයන්ගේ දායකත්ව මුදල් සේවා ස්ථානයේ සිටම ප්‍රේෂණය කිරීමේ හැකියාව ලැබෙන අතර සේවක පාර්ශ්වයට ද දායකත්ව මුදල් ආයතනය විසින් ගෙවා ඇති බව තහවුරු කර ගැනීමේ හැකිව පවතිනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ අදාළ මුදල් ප්‍රේෂණය වන ආකාරය පිළිබඳව කෙටි පණිවුඩ මඟින් සේවකයින්ට දැනගැනීමේ අවස්ථාව නුදුරේ දී ලබාදීමට ද කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted