e-BMD ව්‍යාපෘතියේ පළමු වසරේදී 8027 දෙනෙක් ප්‍රතිලාභ ලබයි

රජය විසින් ක්‍රියාවට නංවා ඇති පොදු සේවා ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ, විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තම උප්පැන්න, විවාහ සහ මරණ සහතික ලබා ගැනීම සඳහා හඳුන්වා දුන් e-BMD පද්ධතිය මේ වන විට තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාල 62ක සාර්ථකව ක්‍රියාත්මක වන අතර එය ආරම්භ කළ පළමු වසරේදීම පුද්ගලයන් 8027ක් සෘජු ප්‍රතිලාභ ලබා තිබෙනවා.

රාජ්‍ය සේවය ජනතාවට වඩාත් සමීප කරවීමේ රජයේ වැඩපිළිවෙළට අනුව ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් 2025 ජනවාරි 06 වනදා රටවල් 07ක නියමු ව්‍යාපෘතියක් ලෙස e-BMD ව්‍යාපෘතිය හඳුන්වා දෙනු ලැබුවා.

පසුව 2025 පෙබරවාරි 07 වනදා සිට විදෙස් තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාල 62ක් දක්වා එම සේවාව ව්‍යාප්ත කෙරුණා.

මෙමගින් විදේශගත ශ්‍රී ලාංකිකයන්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල සහතික කළ පිටපත් තම රටට අදාළ තානාපති කාර්යාලය හෝ මහකොමසාරිස් කාර්යාලය මගින් සෘජුවම ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

නෛතික පිළිගැනීමකින් යුතුව මෙම සහතික පත් නිකුත් කිරීම සිදු වන අතර, මේ සඳහා නැවත ලංකාවට පැමිණීම හෝ දීර්ඝ කාලීන ක්‍රියාවලියක නිරතවීම තවදුරටත් අවශ්‍ය වන්නේ නැහැ.

එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජපානය, මැලේසියාව, ඉන්දියාව ඇතුළු යුරෝපය, මැදපෙරදිග සහ ආසියානු කලාප රැසක වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා මෙම සේවාව ක්‍රියාත්මක වනවා.

උප්පැන්න, විවාහ සහ මරණ සහතික නිකුත් කිරීමේ සේවාවන් ඩිජිටල්කරණය කර තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාල සෘජුවම රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ කිරීම මගින් ලේඛනවල විශ්වසනීයත්වය සහ ආරක්ෂාව තහවුරු කරමින් ලේඛන සැකසීමේ කාලය විශාල වශයෙන් අඩු කර තිබෙනවා.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය මගින් ලබාදෙන තත්‍ය කාලීන (Real-time) තාක්ෂණික සහාය හේතුවෙන්, තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාලවල මෙහෙයුම් ගැටලු විසඳමින් බාධාවකින් තොරව මෙම සේවාව පවත්වාගෙන යාමට හැකියාව ලැබී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14