CGR හිටපු සාමාන්‍යාධිකාරිවරයාට හා හිටපු සංස්ථා ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයාට ඇප

වැඩ තහනමට ලක් කර තිබූ දුම්රිය දෙපාර්තමේන්තුවේ රියැදුරෙකු වන අයි.එල්.කේ. දිසානායක නමැත්තා තවදුරටත් නීත්‍යනුකූල නොවන ආකාරයෙන් වසර හතරක පමණ කාලයක් සේවයේ යෙදවීමට කටයුතු කර ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයෙක් ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ (3) නියෝග කළේය.

ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතර සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කළේය.

එම දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයෙකු වන එස්.එම් අබේවික්‍රම එසේ ඇප මත මුදාහැරියේය.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ, ගනේමුල්ල සහ මිරීගම යන ප්‍රදේශවල දුම්රිය අනතුරු 2ක් සිදු කර රජයට රුපියල් ලක්‍ෂ 89ක පාඩුවක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් දිසානායක නමැති රියදුරාගේ වැඩ තහනම් කර ඇති බවයි.

එම රියදුරුගේ රාජකාරී කටයුතු එසේ තහනම් කර තිබියදී සැකකාර සාමාන්‍යාධිකාරීවරයා විසින් ව්‍යාජ නමක් ඇතුලත් කර නීත්‍යනුකූල නොවන ආකාරයෙන් එම රියදුරුව වසර හතරකට අධික කාලයක් සේවයෙහි රඳවා තබාගෙන ඇති බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.

සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයේදී කරුණු අනාවරණය වීමෙන් අනතුරුව සැකකාර සාමාන්‍යාධිකාරිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවද විමර්ශන නිලධාරීහු කරුණු දැක්වූහ.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දක්වමින් විමර්ශන නිලධාරින් අධිකරණය හමුවේ කියා සිටියේ වැඩ තහනමට ලක්කර ඇති රියදුරු 2008 වර්ෂයේ ගනේමුල්ල ප්‍රදේශයේ සිදු වු දුම්රිය අනතුරක් සම්බන්ධයෙන් හා 2017 ප්‍රදේශයේ මිරීගම ප්‍රදේශයේ සිදු වු දුම්රිය අනතුරක් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති බවයි.

තවද වෙනත් දුම්රිය අනතුරු සම්බන්ධයෙන් චෝදනා පත්‍ර 10 ක් ගොනු කර ඇති බවද විමර්ශන නිලධාරිහු අධිකරණට දැන්වුහ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හැරියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට විපක්ෂය ඉල්ලූ විවාදය දෙන්න බෑ..රීතිවිරෝධියි..එළියේ කතා කරන්න ඇයි බය?
10:49
Video thumbnail
විපක්ෂ කට්ටියව හිරේ දාන එක තමයි දැන් ආණ්ඩුව ගෙනියන්න තියන එකම ක්‍රමය
12:05
Video thumbnail
මේ ඉන්නේ මහින්දට ආදරය කරන පිරිස..ආවේ බයට නෙවෙයි
00:44
Video thumbnail
මහින්ද අයියා වෙනුවෙන් ගෝඨාභය මල්ලි සෙනඟ මැදින් දුවගෙන එයි
00:53
Video thumbnail
මහින්ද අල්ලස් කොමිසමට ගිය එක ගැන ජනපති අනුර කතාකරයි
03:23
Video thumbnail
සුන්බුන් විපක්ෂයේ කොහෙද දක්ෂ සාමාජිකයෝ..ටයිකෝට් නැට්ටුවට තරම් ඩබල් පොකට් නැට්ටුවට නටන්න බෑ
02:40
Video thumbnail
පාඨලී ටිල්වින්ගේ වීඩියෝවක් ලීක් කරයි..අනේ අපේ ටිල්වින් සිල්වා නඩු අහනවා
02:27
Video thumbnail
මහින්දටත් රනිල්ටත් අත තියන්න එන්න එපා
01:10
Video thumbnail
"මේ ඉන්නේ මහින්දට ආදරය කරන පිරිස..යකෝ මේ ආවේ බයට නෙවෙයි ආදරයට"
01:29
Video thumbnail
මහින්ද අයියා වෙනුවෙන් ගෝඨාභය මල්ලි මහ සෙනඟ මැදින් දුවගෙන එයි..අයින් වෙන්න අයින් වෙන්න
02:02