Breaking News – අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වය දරණ නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි මෙම දිවුරුම්දීමේ උත්සවය පැවැත්වෙන්නේ.

අද (22) පෙරවරුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

මේ අතර දැනට පවතින අමාත්‍ය මණ්ඩලය යටතේ ම ආණ්ඩුව පවත්වාගෙන යාමටයි ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ.

ඒ, අනුව මේ වනවිට කැබිනට් අමාත්‍ය ධුරවල කටයුතු කරන අමාත්‍යවරු මෙලෙස යළිත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දීම සිදුකෙරෙනවා.

ඒ, අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන්නා.

ඩග්ලස් දේවානන්දා ධීවර අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර අධ්‍යාපන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ සුසිල් ප්‍රේම්ජනතයි.

එමෙන්ම ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස යළිත් බන්දුල ගුණවර්ධන, ජනාධිපතිවරයා ඉදිරියේ අද දිවුරුම් දුන්නා.

කෙහෙළිය රඹුක්වැල්ල දිවුරුම් දුන්නේ සෞඛ්‍ය සහ ජල සම්පාදන අමාත්‍යවරයා ලෙසයි.

කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන් අතර විජයදාස රාජපක්ෂ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීම සිදුකළා.

හරීන් ප්‍රනාන්දු සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙස යළිත් අද දිනයේ දිවුරුම් දුන් අතර රමේෂ් පතිරණ දිවුරුම් දුන්නේ වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍යධුරවලයි.

අන්තර්කාලීන අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා.

මේ අතර අලි සබ්රි විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ජනධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

විදුර වික්‍රමනායක බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන් අතර කංචන විජේසේකර විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

එමෙන්ම පරිසර අමාත්‍යවරයා ලෙස අහමඩ් නසීර් දිවුරුම් දුන්නා.

රොෂාන් රණසිංහ අන්තර්කාලීන අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් වාරිමාර්ග සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරවල දිවුරුම් දෙනු ලැබුවා.

ජනාධිපතිවරයා ඉදිරියේ අද මනූෂ නානායක්කාර දිවුරුම් දුන්නේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරයේයි.

ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර නලීන් ප්‍රනාන්දු දිවුරුම් දුන්නේ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙසයි.

ඒ අනුව අද දිනයේ අමාත්‍යවරුන් 18 දෙනෙක් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ නගරයට අද ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස
01:25
Video thumbnail
ජනපති සජිත්ව හමුවෙලා "අනේ සජිත්මහත්තයෝ මේක බාරගන්න" කියන්න - කට ඇරියොත් ටොම්පච කියන්නේ
06:36
Video thumbnail
සුඛෝපභෝගී වාහනවලින් ඇවිත් හරක් හොරකම් කරන ජාවාරමක් - මෙන්න CCTV දර්ශන එළියට
06:35
Video thumbnail
පොලිස් ඇමති මැ#ණු තරුණයාට වැරැද්ද දාලා ඇඟ බේරගන්නවා - පොලිසිය ගැන විශ්වාසයක් නෑ
05:01
Video thumbnail
තන්තිරිමලේ කඨින මහා පූජ්‍යෝත්සවයට සජිත්ගේ දායකත්වය - සජිත් අසනීප නිසා ජලනි ප්‍රේමදාස ඇවිත්
09:32
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී බිහිසුණු අනතුරක් - මෝටර් රථයට දැඩි අලාභ හානි
00:53
Video thumbnail
"අපේ පුතා ම#පු උන්ට හොඳක් වෙන්නේ නෑ..ඕකුන් අත්අඩංගුවට ගන්න"ඉෂාරගේ පුංචි හඬා වැටෙයි
02:04
Video thumbnail
ජනප්‍රියම බීඩි සමාගමක වෙළඳ නාමය අවභාවිතා කළ මුද්‍රණ සහ මුද්‍රණාලයක් වටලයි - තිදෙනෙකු කොටුවෙයි
00:50
Video thumbnail
කොබෙයිගනේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙක් මියයාම ගැන කියන කතා - දවස් දෙකක් පොලිසියේ ඉදලා මැ#ලා තියෙන්නේ
04:42
Video thumbnail
හොඳ පදමට බීලා, බීමත් රියදුරන් අල්ලන ග්‍රාම ආරක්ෂක - "මේ බලන්න හොඳටම බීලා ඉන්නේ මෙයා.."
01:33