Breaking News – අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වය දරණ නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි මෙම දිවුරුම්දීමේ උත්සවය පැවැත්වෙන්නේ.

අද (22) පෙරවරුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

මේ අතර දැනට පවතින අමාත්‍ය මණ්ඩලය යටතේ ම ආණ්ඩුව පවත්වාගෙන යාමටයි ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ.

ඒ, අනුව මේ වනවිට කැබිනට් අමාත්‍ය ධුරවල කටයුතු කරන අමාත්‍යවරු මෙලෙස යළිත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දීම සිදුකෙරෙනවා.

ඒ, අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන්නා.

ඩග්ලස් දේවානන්දා ධීවර අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර අධ්‍යාපන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ සුසිල් ප්‍රේම්ජනතයි.

එමෙන්ම ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස යළිත් බන්දුල ගුණවර්ධන, ජනාධිපතිවරයා ඉදිරියේ අද දිවුරුම් දුන්නා.

කෙහෙළිය රඹුක්වැල්ල දිවුරුම් දුන්නේ සෞඛ්‍ය සහ ජල සම්පාදන අමාත්‍යවරයා ලෙසයි.

කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන් අතර විජයදාස රාජපක්ෂ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීම සිදුකළා.

හරීන් ප්‍රනාන්දු සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙස යළිත් අද දිනයේ දිවුරුම් දුන් අතර රමේෂ් පතිරණ දිවුරුම් දුන්නේ වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍යධුරවලයි.

අන්තර්කාලීන අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා.

මේ අතර අලි සබ්රි විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ජනධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

විදුර වික්‍රමනායක බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන් අතර කංචන විජේසේකර විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

එමෙන්ම පරිසර අමාත්‍යවරයා ලෙස අහමඩ් නසීර් දිවුරුම් දුන්නා.

රොෂාන් රණසිංහ අන්තර්කාලීන අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් වාරිමාර්ග සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරවල දිවුරුම් දෙනු ලැබුවා.

ජනාධිපතිවරයා ඉදිරියේ අද මනූෂ නානායක්කාර දිවුරුම් දුන්නේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරයේයි.

ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර නලීන් ප්‍රනාන්දු දිවුරුම් දුන්නේ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙසයි.

ඒ අනුව අද දිනයේ අමාත්‍යවරුන් 18 දෙනෙක් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි
02:18
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට
00:54
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද මහේස්ත්‍රාත්වරයා කුරුවිට බන්ධනාගාරයට පැමිණෙන අයුරු
02:20
Video thumbnail
බන්ධනාගාරවල ඇතිවූ නොසන්සුන්තාව ගැන අධිකරණ ඇමති කට අරියි - කිසිම චාන්ස් එකක් නෑ කුමන්ත්‍රණ කරන්න
02:34