spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

BREAKING: ලොව ප්‍රධාන වෙබ් අඩවි රැසක් අක්‍රීයයි – ප්‍රහාරයක් ගැන සැකයක්

මීට සුළු මොහොතක සිට ලොව ප්‍රධානතම වෙබ් අඩවි රැසක් අකර්මන්‍ය වී ඇති බව වාර්තා වෙනවා.

ලොව ප්‍රමුඛතම පුවත් වෙබ් අඩවි මෙන්ම වානිජ වෙබ් අඩවි ද මීට අයත්.

ගාඩියන්, නිව්යෝක් ටයිම්ස් සහ ෆයිනෑන්ෂල් ටයිම්ස් වැනි පුවත් වෙබ් අඩවි ද මෙම තත්ත්වයට පත්ව තිබෙනවා.

ඊට අමතරව විවිධ කටයුතු සඳහා භාවිතවන ලොව ප්‍රධානතම වෙබ් අඩවිවන Reddit, Twitch, Amazon, Ebay, Vimeo, PayPal, Etsy, Shotify ඇතුළු වෙබ් අඩවි රැසක් අකර්මන්‍ය වී ඇති බව සඳහන්.

මෙයට හේතුව තවමත් අනාවරණය වී නැහැ.

කෙසේ වෙතත් මෙය සයිබර් ප්‍රහාරයක් නම් එය ලොව සිදුවූ දැවැන්තම සයිබර් ප්‍රහාරයක්වනු ඇති බවටයි විශේෂඥයින් පවසන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?