Astronomer ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා අනිවාර්ය නිවාඩු යවයි

කෝල්ඩ්ප්ලේ ප්‍රසංගයක දී කාන්තාවක් සමඟ වැළඳගෙන සිටින අයුරු පුළුල් තිරයක දර්ශනයවීමත් සමඟ Astronomer ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩි බයිරන් අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා.

Astronomer සමාගම ඊයේ (18) එක්ස් හි සටහනක් තබමින් තම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩි බයිරන් අනිවාර්ය නිවාඩු යැවූ බව තහවුරු කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ ඇන්ඩි බයිරන් මෙලෙස වැළඳගෙන සිටි කාන්තාව එම සමාගමේ මානව සම්පත් ප්‍රධානී ක්‍රිස්ටින් කැබොට් බවයි.

දෙදෙනා එකිනෙක වැළඳගෙන සිටින මෙම දර්ශනය සමාජ මාධ්‍ය වෙත එක්වීමත් සමඟ ඔවුන් අතර අනියම් සම්බන්ධයක් ඇති බවට කටකතා අන්තර්ජාලය පුරා පැතිර ගියා.

මෙම සිදුවීමෙන් දින දෙකකට පසු Astronomer සමාගම වීඩියෝව පිළිබඳ පැහැදිලිව සඳහන් නොකර, කාරණය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන බවට ප්‍රකාශයක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම සමාගම සඳහන් කරන්නේ, “Astronomer සමාගම අපගේ ආරම්භයේ සිටම අපට මඟ පෙන්වූ වටිනාකම් සහ සංස්කෘතියට කැපවී සිටිනවා, අපගේ නායකයින් හැසිරීම සහ වගවීම යන දෙඅංශයෙන්ම ප්‍රමිතීන් නියම කරනු ඇතැයි අප අපේක්ෂා කරනවා. අධ්‍යක්ෂ මණ්ඩලය මෙම කාරණය පිළිබඳව විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඉතා ඉක්මනින් වැඩි විස්තර බෙදාගැනීමට අපට හැකි වේවි.” යනුවෙන් පවසා තිබෙනවා.

මේ අතර Astronomer සමාගමේ සමනිර්මාතෘ සහ ප්‍රධාන නිෂ්පාදන නිලධාරී පීට් ඩිජෝයි අන්තර්කාලීන ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54