කාන්තාවක විසින් පදවන ලද ‘එල් බෝඩ්‘ සහිත මෝටර් රථයකට යටවී පුංචි සදෙව් මෙලොවින් සමුගනී

14 හැවිරිදි පාසල් සිසුවකු, කාන්තාවක විසින් පදවන ලද ‘එල් බෝඩ්‘ සහිත මෝටර් රථයකට යටවී එම ස්ථානයේදීම මියගොස් ඇතැයි හිරණ පොලිසිය පවසයි.අනතුරින් මියගොස් ඇත්තේ පානදුර, පිංවල සුසාන භූමිය පාරේ පදිංචිව සිටි විහඟ සදෙව් ද සිල්වා නමැති 14 හැවිරිදි පාසල් සිසුවෙකි.

ඔහු මාලමුල්ල ප්‍රදේශයේ පැවැත්වෙන දමිළ පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගි වී සිය පාපැදියෙන් එමින් සිට මාලමුල්ල, පොකුණ හංදියේ ග්‍රාමීය බැංකුව ඉදිරිපිට මාර්ගය ආසන්නයේ පාපැදිය නවතා සිටියදී අනතුර සිදුව ඇත.

පිංවල දෙසින් පැමිණි මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන පාපැදියේ ගැටී පාසල් සිසුවා සමග මීටර් 20 ක් පමණ දුරට ඇදීගොස් ජල සම්පාදන මණ්ඩලයට අයත් කොන්ක්‍රීට් කණුවක ගැටී සිරවී නතර දී ඇතැයි පරීක්ෂණ සිදුකරන නිලධාරියෙක් කීය.

රිය පැදවූ පානදුර, වඳුරම්මුල්ල ප්‍රදේශයේ කාන්තාව හිරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඇය පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44
Video thumbnail
රන්වල බීලද කියලා බලන්න වෙරි හිදෙනකම් හිටියා
08:22
Video thumbnail
වතුකරයේ පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරේ
01:14
Video thumbnail
අත්හිටවූ ඖෂධයක් භාවිතා කරලා දෙදෙනෙකුගේ දිවි අහිමි වෙලා..?චමිල් විජේසිංහ සියල්ල හෙළිකරයි
08:38
Video thumbnail
ජනාධිපතිගේ පට්ටියේ ඉන්න හ#රකෙක් පිට පැනලා
06:22
Video thumbnail
ඔලොමොට්ටල ආණ්ඩුවේ තීන්දු නිසයි ජීවිත ටික අහිමි වුණේ
11:17


?