ICC ජූලි මාසයේ විශිෂ්ඨ ක්‍රීඩකයා සම්මානය ප්‍රභාත් ජයසූරියට

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගිය ජුලි මාසයේ ක්‍රීඩකයා සම්මානය ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට හිමිව තිබෙනවා.

ඕස්ට්‍රේලියාව සහ පාකිස්ථානය සමඟ නිමා වූ ටෙස්ට් තරගාවලි දෙක තුළ ඔහු දැක්වූ දක්ෂතා මෙම සම්මානය හිමිවීමට ප්‍රධාන හේතුවක්.

මේ දක්වා ටෙස්ට් තරග 03කට පමණක් සහභාගී වී ඇති ප්‍රභාත් ජයසූරිය, එහිදී කඩුලු 29ක් දවාගැනීමට සමත්ව සිටිනවා.

ප්‍රභාත්ට අමතරව මෙම සම්මානය සඳහා එංගලන්ත ක්‍රීඩක ජොනී බෙයාර්ස්ටෝ සහ ප්‍රංශ ක්‍රීඩක ගුස්ටාෆ් මැකියොන් නම්කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?