නිදහස් උත්සවයට ගිය ට්‍රැෆික් OICට කොරෝනා

කතරගම පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

නිදහස් උත්සවයට සහභාගිවීමෙන් අනතුරුව සිදුකළ පීසීආර් පරීක්ෂාවක දී ස්නාධිපතිවරයාට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇතැයි කතරගම මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි දේව නාරායන මහත්මිය සඳහන් කළාය.

ඒ අනුව ස්ථානාධිපතිවරයා ඇසුරු කළ ආශ්‍රිතයින් මේ වන විට නිරෝධායනයට ලක්කර තිබේ.

මීට අමතර ව කතරගම නව නගරයේ අඹුසැමි යුවළකට ද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ඒ අනුව කතරගම නගරයේ සති 3ක කාලසීමාව තුළ කොරෝනා ආසාදිතයින් ගණන 30ක් දක්වා ඉහළ ගොස් ගොස් තිබේ.

මේ අතර, කඳාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 09 දෙනෙකු කොවිඩ් ආසාදිත බව ඊයේ (10) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් තහවුරු වී ඇත.

ඒ අනුව ඔවුන්ව හබරාදූව ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර ඇතැයි පොලීසිය සඳහන් කළේය.

එමෙන්ම පිටබැද්දර පොලීසියේ රථවාහන අංශ ස්ථානාධිපතිවරයාට ද කොවිඩ් -19 ආසාදනය වී ඇතැයි වා‍ර්තා වේ.

මේ හේතුවෙන් අද පිටබැද්දර පොලිස් ස්ථානයේ නිලධාරීන් 35කගේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

අදාළ පොලිස් නිලධාරියා ඉකුත් 03 දින සිට සේවයට වාර්තා නොකොට නිරෝධායනය වෙමින් සිටින අතරතුර කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23